• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සෑම පවුලක්ම මතින් නිදහස් පවුලක් බවට පත් කිරීමට මව්වරුන් නායකත්වය ගතයුතුයි

He news 2017 02 3 2 2පවුල් සංස්ථාවක අනාගතය සමෘද්ධිමත් සහ සුබවාදී කිරීමට තිබෙන ප්‍රධානම බාධාව මත්ද්‍රව්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම අභියෝගයෙන් තම පවුලත්, සමාජයත් ගලවා ගනිමින් නිරෝගීමත් ජාතියක් ගොඩනැගීමට නායකත්වය ගන්නා මෙන් තමා සියලු මව්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (02) පෙරවරුවේ ගාල්ල, ලබදූව සිරිධම්ම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති දකුණු පළාත් මව් සෞඛ්‍ය සමාජ වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.නිරෝගී, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් දක්ෂිණ දේශය තුළ බිහි කිරීමේ අරමුණින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මහතාගේ සංකල්පයක් අනුව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.දකුණු පළාත තුළ බෝවන සහ බෝ නොවන රෝග ව්‍යාප්තිය අවම කිරීම හා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම, ළදරු හා ගර්භනී මව්වරුන්ගේ පෝෂණය පිළිබඳ අවබෝධයක් ජනතාව තුළ ඇති කිරීම, ළදරු මරණ අනුපාතය අවම කිරීම.

යහපත් චර්යා රටා සඳහා ජනතාව නැඹුරු කරවීම, පරිසර සංරක්ෂණය වෙනුවෙන් දායකත්වය ලබා ගැනීම, රෝහල් ගතවන රෝගීන් සංඛ්‍යාව අවම කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් අවම කර ගැනීම යන අරමුණු පෙරදැරිව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.දකුණු පළාත තුළ ව්‍යාප්තව ඇති මව් සෞඛ්‍ය. සමාජ තවදුරටත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලවල සහය ඇතිව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ජාතික වැදගත්කමක් සහිත මෙම වැඩසටහන දිවයිනේ අනෙකුත් පළාත්වල ද ක්‍රියාත්මක වීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සියලු පළාත් ප්‍රධාන අමත්‍යවරුන් සහ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.දකුණු පළාත් මව් සමාජවල නියෝජිතයන් වෙත නිල ඇඳුම් ලබාදීම සංකේතවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.මෙහිදී ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් ද දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරු සහ රාජ්‍ය, නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.