• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගැටලුකාරී පිළිකා ඖෂධ ටෙන්ඩරයක් අවලංගු කෙරේ

cancelled logoNimotuzumab Injection 50mg    නැමැති පිළිකා ඖෂධය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ටෙන්ඩරයක් තමන් විසින් අවලංගු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

 එම ඖෂධය ආනයනය කිරීමට නියමිත ව තිබූ සමාගම පිළිබඳ පැමිණිලි රැසක් ලැබීම හා පොලිස් පරීක්ෂණයක් ක්‍රීයාත්මක වීම ඊට  හේතුව බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම සමාගම මීට ප්‍රථම වෙනත් සමාගමක නාමයෙන් පිළිකා ඖෂධ ආනයනය කර විවිධ විෂමාචාරයන් සිදු කර ඇති බවට ලැබී ඇති පැමිණිලිවල සඳහන් වෙයි. එම විෂමාචාර සිදුවීම් සිදුකර ඇතැයි පැවසෙන සමාගම ලිපිනය වෙනස් කරමින් නව සමාගම ජනවාරි මාසයේ දී ලියාපදිංචි කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

එම නිසා පොලිස් පරීක්ෂණ සහ ලැබී ඇති අනෙකුත් පැමිණිලිවල විමර්ශන අවසන් වන තුරු එම ටෙන්ඩරය අවලංගු කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

පිළිකා රෝගීන් සඳහා ලබාදෙන Nimotuzumab Injection 50mg    නැමැති මෙම ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කිරීමට එම සමාගම කටයුතු කර තිබුණි. එම ඖෂධ 600ක් මෙලෙස ආනයනය කිරීමට නියමිතව තිබූ අතර, එහි එක් ඖෂධයක වටිනාකම රුපියල් 51,500ක් පමණ වන බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි. එම ටෙන්ඩරය අවලංගු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාටයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.