• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමේදී දහම් අධ්‍යාපනයට පුළුල් වගකීමක් පැවරෙනවා

heජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමේදී දහම් අධ්‍යාපනය වෙත පුළුල් වගකීමක් පැවරෙන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (03) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සර්ව ආගමික දහම් පාසල් කතිකාවට එක් වෙමිනි. ජාතික ඒකාබද්ධතාවය හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ සංකල්පය සර්වාගමික නායකවරු සහ සර්වාගමික දහම් පාසල් ගුරුභවතුන් හරහා දහම් පාසල් අධ්‍යාපනය තුළ ආයතන ගත කිරීමේ අරමුණින් ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. 

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවත් දරුවන් අතර අනෝන්‍ය විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීමට දහම් අධ්‍යාපනය තුළින් කටයුතු කළ යුතු බවයි. එමෙන් ම අපේ දරු පරපුර පරාජිත මානසිකත්වයෙන් මිදුණු ධනාත්මක ආකල්ප සහිත යහපත් අනාගත පරපුරක් ලෙස ගොඩනැගීමට දහම් අධ්‍යාපනය පිටිවහලක් විය යුතු බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. 

ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන සතිය සිහිපත් කරමින් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරුණු අතර, තැපැල් අමාත්‍ය එච්.එම්. අබ්දුල් හලීම් මහතා විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. සර්ව ආගමික දහම්පාසල් කතිකාව සැසිවාර දෙකකින් සමන්විත වූ අතර, ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධානය සර්වාගමික දහම් පාසල් අධ්‍යාපනය තුළින් ප‍්‍රචලිත කිරීම, මැයෙන් පළමු සැසිවාරය පැවැත්වුණු අතර, ජාතික ඒකාබද්ධතාව හා ප‍්‍රතිසන්ධාන සංකල්පය අභිවර්ධනය උදෙසා නව්‍ය යෝජනා මැයෙන්, දෙවැනි සැසිවාරය පැවැත්විණි.

 ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර කල්‍යානි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු සර්ව ආගමික නායකවරුන් ද, හිටපු ජනාධිපතිනි, ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ජාතික ඒකබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.