• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු පනත අද සිට බලාත්මකයි

RTI 2017.01.03ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය රටේ ක්‍රියාත්මක  නීතියක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූ තොරතුරු දැනගැනීමේ පනත අද (03) සිට බලාත්මක වේ.

මෙම පනත බලාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවර රජය විසින් මේ වන විට ගෙන ඇති අතර රාජ්‍ය ආයතන සඳහා තොරතුරු නිලධාරීන් පත් කිරීම, එම නිලධාරීන් දීප ව්‍යාප්ත මට්ටමින් පුහුණු කිරීම, පනත ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසී ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කිරීම වැනි කරුණු මේ වන විට අවසන් කර ඇත. 

පාසල්, පොලීසි, රෝහල් වැනි සංකීර්ණ ක්‍රියාවලියකින් යුත් ඇතැම් ආයතනවල මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී ආරම්භ අවස්ථාවේදී සුළු ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි වුවත් ප්‍රායෝගික මට්ටමින් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත විධිමත් කිරීමට පියවර ගනු ඇත. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලය පනතේ වගන්ති අනුව ජනතාවට හිමිවන අතර රාජ්‍ය ආයතනවලින් ජනතාවට තොරතුරු ඉල්ලන ප්‍රමාණය අනුව මෙම පනත වඩාත් සක්‍රිය වනු ඇත.

 මේ සඳහා ජනතාව දැනුම්වත්වීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් මේ සඳහා ජනමාධ්‍ය හා සිවිල් සංවිධානවල මැදිහත්වීම රජය බලාපොරොත්තු වේ. රටේ දේශපාලන ගමන්මග, දේශපාලන සංස්කෘතිය ඇතුළු සියලු ක්ෂේත්‍රවල පරිවර්තනීය වෙනසක මූලාරම්භය සනිටුහන් කරන තොරතුරු දැනගැනීමේ පනත වඩා සක්‍රිය මට්ටමට පත් කිරීමට එක්වන ලෙස රජය සමස්ත ප්‍රජාවටම ආරාධනා කරනු ලබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.