• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගෙවූ දෙවසර තුළ ජයග්‍ර‍හණ රැසක් දිනා ගත්තා- අගමැති

PM 2016අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා 69 වැනි නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය පහත සඳහන් වේ.

 "යටත්විජිත පාලනයෙන් නිදහස ලබා වසර 69 ක් ගත වීම අද අපි සමරනු ලබන්නේ, පැවති දුර්දාන්ත පාලන සමය පරදවා යහපාලන රජය බලයට පත් වී වසර දෙකක් නික්මෙන තැන වීම සුවිශේෂ අවස්ථාවකැයි සිතමි.

දේශයක් ලෙස අප ලබා ඇති නිදහස වඩාත් අර්ථවත් කර ගැනීම අප සැමගේ වගකීමක් වන අතර, වත්මන් රජය රටේත්, ජනතාවගේත් ආර්ථික, සමාජයීය, අධ්‍යාත්මික නිදහස පිළිබඳ වඩාත් වගකීමෙන් කටයුතු කරන බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කරමි.

ගෙවුණු දෙවසර තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මිත්‍රශීලී ජාත්‍යන්තර සබඳතා වර්ධනය කරගනිමින් අනෝන්‍ය විශ්වාසය දිනා ගැනීම, වාර්ගික, ආගමික බෙදීම් ඉක්මවා මානව හිතවාදී සාමකාමී රටක් ගොඩනැංවීමේ මූලික පදනම සැකසීම, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ප්‍රමුඛ පියවර ගැනීම වැනි ජයග්‍රහණයන් රැසක් දිනා ගැනීමට අපට හැකි වී තිබේ.


තවදුරටත් අභිමානවත් දේශයක්, එක්සත් ශ්‍රී ලාංකේය ජනතාවක් ලෙස අනාගතයට පියනැගීම සඳහා ස්වාර්ථය පසෙක ලා රට වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීම අද අප සැම ඉදිරියේ පවතින අභියෝගයකි.

එම අභියෝගය ජයගන්නට ධෛර්යමත්ව සහ අවංකව කැපවීමට මෙම නිදහස් දින සැමරුමේදී විශේෂයෙන් අදිටන් කරගනිමු. "

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.