• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

69 වැනි ජාතික නිදහස් දින සැමරුම නුවරඑළියේදී අභිමානවත්ව සැමරේ

Nuwaraeliya indifendence day2017020469 වැනි ජාතික නිදහස් දින උළෙලට සමඟාමී ව දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන නිදහස් දින උත්සව මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික් සැමරුම් උත්සවය  නුවරඑළිය නගරයේදී  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
 
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහ  නගර සභාව එක්ව දිස්ත්‍රික්කයේ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන්  සංවිධානය කර තිබු මෙම නිදහස් උත්සවය සඳහා පොලිසිය හා යුධ හමුදාව දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් එක්ව පවත්වනු ලබු ආචාර පෙළපාලියකින් ද සමන්විත විය.

මෙම සැමරුම් උත්සවය සඳහා  මධ්‍යම පළාත් මන්ත්‍රි එස්.බි. රත්නායක මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ පාසල් දරු දැරියන්  ඇතුළු විශාල පිරිසක්  සහභාගී වුහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.