• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පිළිකා රෝග පරීක්ෂණයකට ස්වීඩනයේ පර්යේෂණ කණ්ඩායමක්

Health ministry news 2017.02.06ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය පැතිරයාමට බලපා ඇති හේතු පිළිබදව පර්යේෂණ කිරීමට ස්විඩනයේ පර්යේෂණ කණ්ඩායමක් සුදානම් වෙයි.

 මහාචාර්ය ඡෝන් මීවැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම පර්යේෂණ කණ්ඩායම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හමු වී මේ පිළිබදව සාකච්ඡා කරන ලදි.

මහරගම අපේක්ෂා රෝහල සමඟ ඒකාබද්ධ වී එම පර්යේෂණ සිදු කරන අතර, මෙහි දී ලේ පිළිකා පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට නියමිතයි.

පිළිකා රෝගීන් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන ප්‍රතිකාර සහ සහන සේවා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා එම පර්යේෂණ කණ්ඩායම දැනුවත් කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා ද එක්ව සිටියේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.