• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති තම ගම් පියසේ ජනතා ව සමඟ

He news 2017.02.06ජනාධිපති  මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා ඊයේ (05) පෙරවරුවේ තම ගම් ප්‍රදේශය වන පොලොන්නරුව ලක්ෂඋයන ජනතාව හමුවෙමින් එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

 තමා කුඩා අවධියේ හැදි වැඩුණු පැරණි නිවසට ගිය ජනාධිපතිතුමා ගෙවත්තේ ඇවිදිමින් ටික වේලාවක් නිදහසේ ගත කළ අතර අනතුරුව ප්‍රදේශවාසින් හමු වී ඔවුන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළේය.

තම සුවදුක් විමසීමට පැමිණි ආදරණීය රාජ්‍ය නායකයා මහත් සෙනෙහසින් යුතුව පිළිගත් එම ජනතාව සුහද කථා බහක නිරත විය.

අනතුරුව ගම් පියසේ සිල්ලර කඩයට ද ගොඩවැදුණු ජනාධිපතිතුමා බඩු මිල ගණන් විමසමින් එහි සිටි ජනතාව සමග සුහද කතා බහක නිරත විය.

නිදහස් ඉරිදාවේ තම ජීවිතයේ මතක සැමරුම් සිහිපත් කරමින් නිදහසේ තම ගම් පියසේ ඇවිද ගිය ජනාධිපතිතුමා අනතුරුව ලක්ෂඋයන දුම්රිය ස්ථානය වෙත ද පැමිණි එහි ටික වේලාවක් රැදී සිටියේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.