• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සහල් මිල අවම සීමාවක තබාගනිමින් පාරිබෝගිකයාට උපරිම සහනය සැලසීමට රජය උත්සහ ගන්නවා

Ranil wickramasingheනියඟය නිසා සම්පූර්ණ සහල් ප්‍රමාණය නොලැබුණු නිසා මිල වැඩි වී තිබෙනවා. ජනතාව අපහසුතාවට මුහුණ දීම ගැන රජයක් හැටියට කණගාටුව ප්‍රකාශ කරනවා. වී ගොවියාට ද අසාධාරණයක් නොවන පරිදි සහල් මිල අවම සීමාවක තබාගනිමින් පාරිබෝගිකයාට උපරිම සහනය සැලසීමට රජය විසින් සෑම උත්සහයක් ම දරනු ලබනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 වී ගොවියට සාධාරණ මිලක් ලබාදීම, සහල් සඳහා අධික මිලක් ගෙවීමට සිදුව තිබීම සම්බන්ධයෙන් සහ සහල්මිල පහළ හෙළිමට කටයුතු කරන්නේද? යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

2014 රජය විසින් වී ඇටයක්වත් මිලදී ගත්තේ නෑ. මේ රජය වසර 2014- 2015 මහ කන්නයේ,වී මෙක්ට්‍රික් ටොන් 160,000ක් ද 2015 යල කන්නයේ මෙක්ට්‍රික් ටොන් 175000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා. සම්පූර්ණයෙන් ම වී මෙක්ට්‍රික් ටොන් 3,35,000ක් මිලදී ගෙන තිබෙනවා.

එසේම ඉතිහාසයේ වැඩිම සහතික මිල කීරි සම්බා සඳහා වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 50ක් ද නාඩු සඳහා රුපියල් 45ක සහතික මිලක් ලබාදීමට හැකි වුණා. ඉහළ සහතික මිලක් ලබාදීමට අපිට හැකි වුණා. උපරිම සහතික මිලක් ලබාදීමට අප ක්‍රියා කළා.

දැනට මේ රටේ විශාල නියඟයක් තිබෙනවා. ලංකාවේ වී නිෂ්පාදනය සියයට 30%ක් 40%ක් අතර තිබෙන්නේ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නියඟයට මුහුණ දෙන්න පියවර ගෙන තිබෙනවා. සම්පූර්ණ නිෂ්පාදනය බලාපොරොත්තු වෙන්න බෑ. අපි තීරණය කළා, මාස තුනක කාලයක් තුළ සහල් මෙක්ට්‍රික් ටොන් 250000ක් ආනයනය කිරීමට.පෞද්ගලික සහල් ආනයනය කරුවන්ට ඒ සඳහා අවස්ථාව සළසා දුන්නා.

පාරිබෝගික ජනතාවට දැරිය හැකි මිලකට සහල් මිලදී ගැනීමටත් සහල් ආනයනය ඉක්මන් කිරීමටත් පහසුකම් සළසමින් රජය පනවා තිබූ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 15ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ අඩු කරමින් ජනවාරි 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධක් පනවා තිබෙනවා.  

2017 ජනවාරි 07 දින සිට පෙබරවාරි 06 දින දක්වා නාඩු සහල් මෙ.ටොන් 2003ක් ද කැකුළු සහල් මෙ.ටොන් 240053ක් ද සම්බා මෙ.ටොන් 23750 හා අනෙකුත් සහල් වර්ග මෙ.ටොන් 1440ක් වශයෙන් සහල් ආනයනය කිරීමට කටයුතු කර තිබෙනවා. තවත් මෙක්ට්‍රික් ටොන් 100ක් ආනයනය කරනවා. ඉදිරියේ දී ඒ සහල් වෙළඳපොළට පැමිණි පසු සහල් මිල අඩුවීමට තිබෙනවා. කෙටි කාලයක් තුළ නියඟය නිසා සම්පූර්ණ සහල් ප්‍රමාණය නොලැබුණු නිසා මිල වැඩි වී තිබෙනවා. රජයක් හැටියට කණගාටුව ප්‍රකාශ කරනවා, ජනතාවට අපහසුතාවට මුහුණ දීම ගැන. ඉදිරි සති දෙක තුළදී මිල අඩු වෙනවා,සහල් ලංකාවට ගෙන ඒම නිසා. ලංකා සතොස අලෙවි සැල් 320ක් මඟින් දීපව්‍යාප්ත සහනදායී මිලගණන්වලට සහල් විකිණීමට පියවර ගෙන තිබෙන අතර දැනට පවතින පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම වැලැක්වීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා වැටලීම් සිදුකරගෙන යනු ලබනවා. 

වී අලෙවි මණ්ඩලය ගබඩාවල ඇති වී තොග වී මෝල් හිමියන්ට අලෙවි කිරීමේ කටයුතු කරගෙන යනවා. වී මෝල් හිමියන් 200කට ආසන්න ප්‍රමාණයකට වී තොග නිකුත් කර තිබෙනවා. සහල් ලක් සතොස මඟින් සාධාරණව බෙදා හැරීම සඳහා වී මෙක්ට්‍රික් ටොන් 30,000ක් පමණ සතොස ආයතනයට ලබාදීමට ද වී අලෙවි මණ්ඩලය කටයුතු කර තිබෙනවා. මෙමඟින් සහල් හිඟය තවදුරටත් අඩුවීමට බලපානවා. වී ගොවියාට ද අසාධාරණයක් නොවන පරිදි සහල් මිල අවම සීමාවක තබගනිමින් පාරිබෝගිකයාට උපරිම සහනය සැලසීමට රජය විසින් සෑම උත්සහයක් ම දරනු ලබනවා. මේ පිළිබඳව ගත හැකි පියවර සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා සහ මාගේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.