• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලේක්හවුස් ආයතනය ගැන බැලීමට ජනපතිගෙන් සිව් පුද්ගල කමිටුවක්

heසීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

 විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ රාජා පේ‍්‍රමදාස, වී.ඞී. දහනායක, නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න යන මහත්වරුන්ය.

ලේක්හවුස් ආයතනයේ පරිපාලන හා කළමනාකරණ දුර්වලතා හදුනාගැනීම, මූල්‍ය තත්ත්වය පිළිබඳ විමර්ශනය සහ සේවක පරිපාලනය යන කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම මෙම කමිටුව මගින් සිදු කිරීමට නියමිතය. අදාළ කමිටු වාර්තාව මාස 03ක් තුළ ජනාධිපතිතුමා වෙත භාරදිය යුතු අතර කමිටු වාර්තාව සැකසීමේදී සේවක හා මහජන අදහස් ද විමසිය යුතුය.

ලේක්හවුස් ආයතනයේ ඉදිරි දියුණුව සහ එහි කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් මෙම කමිටුව පත් කර තිබෙන අතර ආයතනයේ සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි සියලූ පුවත්පත් උසස් ප‍්‍රමිතියකින් පාඨකයින් වෙත ලබාදීම සහ ලේක්හවුස් ආයතනය අනෙකුත් පෞද්ගලික මුද්‍රිත මාධ්‍ය ආයතන සමග තරගකළ හැකි අයුරින් ඉදිරියට ගෙන ඒම මෙහි අරමුණයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.