• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලේ නිල වෙබ් අඩවිය ජනපති අතින් එළිදැක්වේ

He news 2017.02.08මේ වසරේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් සැමරුම සහ ලෝක බෞද්ධ සමුළුව වෙනුවෙන් නිර්මාණය කළ නිල වෙබ් අඩවිය ඊයේ  (07)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

 “සමාජ සාධාරණත්වය සහ තිරසර ලෝක සාමය සඳහා බෞද්ධ ඉගැන්වීම” තේමාව යටතේ 2017 මැයි 12 වනදා සිට 14 වනදා දක්වා ජාත්‍යන්තර වෙසක් උළෙල ශී‍්‍ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර ඒ පිළිබඳ සියලු තොරතුරු unwesak2017.org නව වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

ශ්‍යාමෝපාලි මහා නිකායේ ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය රාජකීය පණ්ඩිත ඉත්තෑපානේ ධම්මාලංකාර, ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශවයේ අනුනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ සෝභිත යන නායක ස්වාමින් වහන්සේලා ද, බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනය කළ නීති අණ පනත් නීති වෙළුම් වශයෙන් සම්පාදනය කර එහි ප‍්‍රථම නීති වෙළුම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රජපක්ෂ මහතා විසින් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පිළිගැන්වීය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ඌනා මැක්කෝලි යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.