• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් හා පකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවය අතර වාණිජ ගිවිසුමක්

srilankan2016ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ පකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවය අතර ඇති කරගත්  මාස 6ක කල්බදු ගිවිසුම (wet leased) අද දින සාර්ථක ලෙස අවසන් විය.

 

මෙම ගිවිසුම යටතේ  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  A330-300 ගුවන් යානාවක් ගුවන් මැදිරි කාර්ය මණ්ඩලය, නඩත්තුව ඇතුළු රක්ෂණය (Aircraft, Complete crew, Maintenance and InsuranceACMI)  සමගින් පකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවය වෙත   කල්බදු දීමේ  පදනම මත ලබාදී ඇත.  පකිස්තානු ජාත්‍යන්තර  ගුවන් සමාගමට මෙම ගිවිසුම හරහා  සිය මෙහෙයුම් අඛණ්ඩව සම්පූර්ණ කිරීමට එමගින් හැකියාව ලැබී තිබේ .

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් සුරේන්  රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “  මෙම ගිවිසුම පසුගිය කාලය පුරාවටම ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් එළැඹී ඇති ලාභ උපරිම ලෙස ඉපයිය හැකි වාණිජ ගිවිසුමක් ලෙස හැදින්විය  හැකි බවයි. 

ගුවන් සමාගමේ අසීරු කාලසීමාවක් තුළ බොහෝ අභියෝග මධ්‍යයේ  වුවත්  ලාභ ඉපයීමට හැකි  මූල්‍ය ප්‍රයන්තයක් ලෙස මෙම ගිවිසුම ගුවන් සමාගමට විශාල ශක්තියක් වී ඇති බවද ඔහු කියා සිටියේය. ගුවන් සමාගමේ කළමනාකාරීත්වය වශයෙන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවීමෙන්,
 වෘත්තීය දක්ෂතාවයෙන්  සහ නම්‍යශීලීව කටයුතු  කළ කාර්ය මණ්ඩලයට  ස්තූතිය  පුදකර සිටින  බවද ඒ මහතා  කියා සිටියේය. 

රත්වත්ත මහතා  වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ “  එසේම මෙම  (Aircraft, Complete crew, Maintenance and Insurance- ACMI)  කල්බදු දීම මගින් අපගේ පාර්ෂවකරු වන  පකිස්තානු ජාත්‍යන්තර  ගුවන් සේවය සඳහා  පකිස්තානයේ සිට ලන්ඩන් දක්වා වූ සිය මෙහෙයුම්   සඳහා  ප්‍රමුඛ සේවාවක්  ලබාදීමට හැකියාව ලැබුන බවද ඔහු කියා සිටියේය.  එමගින් ජාතීන් දෙක අතර  පවත්නා සුහදත්වය මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාවයද  මෙමගින් වර්ධනය වූ බව ඒ මහතා  කියා සිටියේය. ශ්‍රීලංකන් ගුවන් සමාගම  තවදුරටත් පකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවය සමඟ වාණිජ ගිවිසුම් සඳහා එළැඹීමට බලාපොරොත්තු වන අතර මෙම අවස්ථාව ලබාදීම වෙනුවෙන් එම සමාගමට  ස්තූතිවන්ත වන  බවද රත්වත්ත  මහතා  වැඩිදුරටත්  කියා සිටියේය.

 මෙම ගුවන් යානාව  තව සති කිහිපයකින්  ශ්‍රිලංකන් වෙළෙඳ  නාමය  නැවත පින්තාරු කිරීමෙන් පසු   එහි   ගුවන් යානා ඇණිය වෙත එකතු වීමට නියමිතයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.