• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනතා සේවය ඉටුකිරීමේදී බෙදී වෙන් නොවී සාමූහික වගකීම ඉටුකරන්න

He news 2017 02 10ජනතා සේවය ඉටුකිරීමේදී බෙදී වෙන් නොවී රට වෙනුවෙන් වූ සාමුහික වගකීම ඉටුකරන ලෙස ජාතික වශයෙන්, පළාත් වශයෙන් මෙන්ම දිස්ත්‍රික් වශයෙන් සිටින සෑම දේශපාලනඥයෙකුගෙන්ම තමා ඉල්ලා සිටින බව ජනාධිපතිතුමා පවසයි.
රටේ සංවර්ධන වැඩපිළිවෙළේදී සහ රට වෙනුවෙන් වූ වැඩපිළිවෙළේදී බෙදීම සහ වෙන්වීම සුදුසු නොවන අතර, සියලු ජනතාව වෙනුවෙන් රට ගොඩනැගීමට සියලු ම දේශපාලනඥයින් එකට එක්විය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව  පැවසුවේ ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් සමඟ ඊයේ (09) පස්වරුවේ කොටගල, සී.එල්.එෆ්. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවති හමුවකට එක්වෙමිනි.

රජයක් ලෙස කටයුතු කිරීමේදී සෑම පුරවැසියෙකු දෙසම බලන්නේ එකම අයුරින් බව පැවසූ ජනාධිපතිතුමා මහජන ගැටලු විසඳමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී පක්ෂයක්, ජාතියක්, ආගමක් නොමැති බව ද කියා සිටියේය.

රටේ ජීවත්වන සෑම ජන කොටසකටම සාධාරණ සමාජයක ජීවිත්වීමට ඇති අයිතිය සහ අවශ්‍ය පහසුකම් ලබාදීමට රජයක් ලෙස කටයුතු කරන බව ද පැවසු ජනාධිපතිතුමා ජනතාව දිළිඳුකමින් නිදහස් කර ගනිමින් ඔවුන්ට හොඳ ජීවන තත්ත්වයක් උදාකරදීම රජයේ අරමුණ බව ද කියා සිටියේය.

නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුළු කඳුකරයේ ජීවත්වන ජනතාවගේ ගැටලු විසඳීමට රජය විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

මෙම හමුවට එක්වූ ජනාධිපතිතුමා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය.

කෘෂි උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ද මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතවත්ව ඊට එක් විය.

අනතුරුව ජනාධිපතිතුමා පක්ෂ සාමාජිකයින් සමඟ ද සුහද කථා බහක නිරත විය.

අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද, පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන්, පී. රාමේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.