• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුපියල් දශ ලක්ෂ 1000ක වියදමකින් මන්නාරම, වැල්ලමන්කර ධීවර වරාය සංවර්ධනය කෙරේ

Fisheryකොටි ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු උතුරු - නැගෙනහිර පළාත්වල ධීවර ජන ජීවිතය යථා තත්ත්වයට පත් වුවද, විශේෂයෙන්ම පුත්තලම සිට යාපනය දක්වා ධීවර ජනතාවට ධීවර කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වූයේ නැත.

මෙම කාරණය සැලකිල්ලට ගනිමින් මන්නාරම, වැල්ලමන්කර ප්‍රදේශය අංග සම්පූර්ණ ධීවර වරායක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු මේ වන විටත් සැලසුම් කර  තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමත්‍යාංශය පවසයි. වැල්ලමන්කර ප්‍රදේශයේ හෙක්ටයාර 06ක භූමියක මෙම අංග සම්පූර්ණ ධීවර වරාය ඉදිකෙරෙන අතර, ඊට වැය කිරීමට යෝජිත මුදල රු. දශ ලක්ෂ 1000කි.

 බහු දින යාත්‍රා 500ක් සහ සාමාන්‍ය ධීවර යාත්‍රා 350ක් නවතා තැබීමේ පහසුකම් ඇති අතර, ධීවරයින්ට අවශ්‍ය ජලය, විදුලිය, ප්‍රජා ශාලාවක්, කාර්යාල පහසුකම්, ඉන්ධන ගබඩා පහසුකම් සහ මසුන් කල්තබා ගැනීම සඳහා අවශ්‍ය අයිස් ගබඩා පහසුකම් ද මෙහි ස්ථාපිත කෙරේ.

ධීවර ජනතාවගේ ප්‍රායෝගික දැනුම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගෙන ඒ අනුව ශක්‍යතා වාර්තාව සකස් කර ලබන වසර මැද වන විට මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.