• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ග්ලිරිසීඩියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

Gliricidiaජෛව ස්කන්ධ ඉන්ධන භාවිතයෙන් රටේ බලශක්ති අවශ්‍යතාව සියයට පනහක් සැපයිම සඳහා ග්ලිරිසීඩියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව ස්වයං රැකියාවක් ලෙස ගෙවතු වගාවට හඳුන්වාදීමට හා හෙක්ටයාර් 2000ක් වගා කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අප රටේ බලශක්ති ඉල්ලුමෙන් වැඩි ප්‍රමාණයක් දායක වන්නේ දර ආශ්‍රිත ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතය වන අතර, මෙම ඉන්ධන භාවිතය අවිධිමත් ඒත් වඩා ලාබදායී අවම පරිසර හානියක් ඇති මූලාශ්‍රය බවට පත් කිරීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ගල් අඟුරු සහ ඉන්ධන සඳහා අප රටේ විශාල මුදලක් පිට රටට ඇදී යන බවත් එය අපේ ආනයන වියදමෙන් 40%ක් බවත් එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .විකල්ප බලශක්තීන් සඳහා යොමු විය යුතු අතර, ග්ලිරිසීඩියා පැළ හෙක්ටයාර් 2000ක වගාකර මූලික පියවර ආරම්භ කිරීමට පියවර ගත් බවද හෙතෙම කීවේය. අනතුරුව මෙම දර ප්‍රමිතියට අනුව එකලස් කරන මධ්‍යස්ථාන රටපුරා ඇති කිරීමට කටයුතු කරන අතර, මෙය අපේ ජනතාවට අනාගතයේදී ස්වයං රැකියාවක් ලෙස ව්‍යාප්ත කරන බවද සියඹලාපිටිය මහතා අනාවරණය කළේය.

තම ගෙවත්තේ වගාකරන ග්ලිරිසීඩියා පැළයේ බඳ කොටසට ගම් මිරිස් වැළක් යවලා කොළ ටික පොහොර වශයෙන් ගෙන අතු ටික එකලස් කිරීමේ මධ්‍යස්ථානයට දී තවත් අමතර ආදායමක් ලබා ගැනීමේ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළ බවද අමාත්‍යවරයා පැවසීය.අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ එප්පාවල වන සංරක්ෂණ කාර්යාලයේදී ග්ලිරිසීඩියා වගාකිරීමේ ව්‍යාපෘතියට එක්වෙමින් සහ කුරුණෑගල මාවතගම මුවන්ගම දර එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ මුල්ගල තැබීමේ උත්සවයටද එක් වෙමිනි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.