• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගර්භනී මාතාවන් සඳහා පෝෂණ වැඩසටහන් රැසක්

Pregnancyගර්භනී මාතාවන් සඳහා දෙනු ලබන  පෝෂණ මළු දීමනාව යටතේ 2017 වර්ෂයේ මුල් මාස 03ක කාර්තුව සඳහා ගාල්ල දිස්ත්‍රික්කය ට මිලියන 89ක මුල්‍ය ප්‍රතිපාදන ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මුල් ළමා විය සංවර්ධන ඒකකය පවසයි.

ගෙවී ගිය 2016  වර්ෂය සඳහා මෙම වැඩසටහන යටතේ මිලියන 303ක මුදලක් ගර්භනී මාතාවන් වෙනුවෙන් බෙදා දී ඇතැයි ද එම ඒකකය තව දුරටත් පෙන්වා දෙයි.

එමෙන් ම අය වැය යෝජනා යටතේ දිවයිනපුරා සිටින දරුවන් අතරින් අඩු බරැති දරුවන් තෝරාගෙන එම ළමුන්ගේ පෝෂණ තත්ත්වයන් නගා සිටුවීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන මත ගාල්ල දිස්ත්‍රික්කයේ අඩු බරැති පෙර පාසල් ළමයින් 3300ක ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.

මේ යටතේ මෙම ළමයින් සඳහා පෝෂණිය උදෑසන ආහාර වේලක් ලබා දීම සිදු කිරීමට යෝජනා වී ඇති අතර, ඉදිරියේ දී ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද මුල් ළමා විය සංවර්ධන ඒකකය පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.