• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අගමැති අද ඕස්ට්‍රේලියාව බලා

Ranil wikramasingheඔස්ට්‍රේලියානු රජ‍යේ ආරාධනයක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිවු දින නිල සංචාරයක් සඳහා අද (13) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට හැත්තෑ වසරක් පිරීම ද මේ සංචාරයේ එක් නිමිත්තකි. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු අමාත්‍යවරුන්  සමඟ මෙල්බර්න් සහ කැන්බරා නගරයන්හි දී පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා ගණනාවකට වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වන අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා තව තවත් තහවුරු කෙරෙන ගිවිසුම් කීපයකටද මේ සංචාරය අතරතුරදී අත්සන් තැබෙනු ඇත.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවිකා අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද එම සංචාරයට එක්වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.