• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කාන්තාව හා තරුණ පරම්පරාව ඉලක්ක කර ගත් දෙදින වැඩමුළුව හෙට

Minister Sumedha G Jayasenaතිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන් හා තරුණ පරම්පරාව අරමුණු කරගෙන දියත් කරනු ලබන උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳ ව සාකච්ඡා කෙරෙන දෙදින වැඩමුළුව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (14 ) දින පෙ.ව 8.30 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හි ඊගල් ශාලාවේදී ආරම්භ වේ.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයයි.

කාන්තාවන් හා තරුණ පරම්පරාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරනු ලබන තිරසර සංවර්ධන වැඩසටහනෙහි උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳ මෙම වැඩමුළුව 14 හා 15 යන දෙදින පුරා පැවැත්වේ.කාන්තා, ළමා, තරුණ සංවිධාන නියෝජනය කරන රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන රැසක නියෝජිතයින් මෙම වැඩමුළුවට සහභාගීවීමට නියමිතයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.