• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පෙර පැවති වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනයක්

dry climet 20170214පෙර පැවති වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය වීමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි මාස කිහිපය තුළ අධික වියලි කාලගුණික තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

මේ නිසා දැනටමත් පානීය ජල ගැටලු ව, වගා හානිවීම් මෙන්ම කැලෑ ගිනි ගැනීම් ගැනද වාර්තා වෙමින් පවතී.මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අංශ ඒකාබද්ධව පෙර සුදානම් වැඩසටහන් රැසක් දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව අධික වියලි කාලගුණික තත්ත්වයක් ඇති වේයැයි අපේක්ෂිත මේ වන විටත් වියලි කාලගුණයක් පවතින අනුරාධපුරය, කිලිනොච්චි, ගම්පහ, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මොණරාගල, මුලතිව්, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය, මහනුවර, වව්නියා සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 14 සදහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ නිලධාරීන් සහන සේවා කටයුතු සඳහා දැනටමත් යොදවා ඇත.

ඉහත දිස්තික්ක 14 හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 87ක පවුල් 129,601ක පුද්ගලයින් 493,386ක් දැනටමත් ආපදාවට මුහුණ පා සිටී. මෙම පුද්ගලයින්හට පානීය ජල අවශ්‍යතා සැපිරීම සඳහා අවශ්‍ය මුළු ජල ටැංකි ප්‍රමාණය7922ක් සහ ට්‍රැක්ටර් හා ලොරි බවුසර් 594ක් වේ.මේ වන විටත් ජල ටැංකි 4798ක් සහ ට්‍රැක්ටර් හා ලොරි බවුසර් 349ක් ජනතාවගේ අවශ්‍යතා සඳහා සපයා දී ඇත. ඉතිරි ජල ටැංකි සහ ට්‍රැක්ටර් හා ලොරි බවුසර් ප්‍රමාණයද ඉදිරියේදි සැපයීම සදහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව ආපදා කළමනාකරණ  අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.

පසුගිය කාලයේ පැවති අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් 2016/17 මහ කන්නයේ වී වගාව ඇතුළු අනෙක් කෘෂි බෝග වගාවන්වල ඵලදාව අහිමිවීමේ අවධානමක් පවතී. දැනටමත් කෘෂි බිම් හෙක්ටයාර් 114,729ක් ජලය නොමැතිකමින් ඵලදාව මෙ.ටො. 344,894ක් අහිමි වී යනු ඇතැයි ගණන් බලා ඇත.දැනට ජලාශවල පවතින ජලමට්ටම සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින නිසා මෙම ජල ප්‍රමාණය ආරක්ෂා කර ගනිමින් ජල කළමනාකරණ කටයුතු සිදුකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන අධිකාරිය යන ආයතන තමන්ගේ උපරිම දායකත්වය ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් ජනතාවගේ සහාය සහ මැදිහත්වීම් එම ආයතන බලාපොරොත්තු වේ.ඉදිරියේදී ඇති වන මෙම ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා ජල සංරක්ෂණය හැකිතාක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගෘහස්ථ ටැංකි, පොකුණුවල ජලය එක්රැස් කිරීමේ ක්‍රම, ගංගා හා පානීය ජල මුලාශ්‍රවලට අපජලය මුදාහැරීම පාලනය කිරීම මෙන්ම ගෘහස්ථ පරිභෝජනයේදී ජල සම්පත සුරක්ෂිතව භාවිත කිරීම හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳ ව සියලු ම ප්‍රජාවන් දැනුම්වත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.