• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වාත්තු කර්මාන්තය පිළිබඳ ව තාක්ෂණ පුහුණු වැඩසටහනක්

Waththu2017කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වය ඇති ව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඉංජිනේරු අංශයේ වාත්තු ඒකකය මගින් වාත්තු කර්මාන්තය පිළිබඳ (seamless hollow casting method) එක් දින තාක්ෂණික පුහුණු වැඩසටහනක්, 2017.02.17 දින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ වාත්තු අංශයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පුහුණු වැඩසටහන පිත්තල, ඇලුමිනියම් හා චීනට්චට්ටි වාත්තු කර්මාන්තයේ යෙදෙන ශිල්පීන් සහ එම කර්මාන්තය ඇරඹීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින් සඳහා සැලසුම් කරන ලද්දකි. 

මෙම වැඩසටහනට සහභාගී වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ පිළිබඳ විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික අංශයේ අංක 0112605278 යන දුරකතන අංකය අමතා හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට ඊ මේල් පණිවුඩයක් ලබා දීම මගින් ලබා ගත හැකිය.                       

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.