• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වේ

Matara news 2017 02 14මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මාන්තයේ ප්‍රගමනය උදෙසා විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.

පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටලු පිළිබඳ ව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳ ව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ව මෙහි දී සාකච්ඡා කෙරිණි.

පරිසර සංරක්ෂණ භාරයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි ඉන්ද්‍රසිරි මහතා විසින් පරිසර සංරක්ෂණ වැඩසටහන පිළිබඳ ව සහ ප්‍රධාන පාරිසරික ගැටලු පිළිබඳ ව කෘෂිකර්ම කමිටුව දැනුම්වත් කරන ලදි.

මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන්, ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එච්.යූ. සිරිවර්දන මහත්මිය ප්‍රමුඛ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.