• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කුඩා තේ වතුහිමියන් සඳහා ඉදිරියේ දී තේ බැංකුවක්

Kegalle news 2017 02 14කුඩා තේ වතුහිමියන්ගේ මුල්‍ය කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා ඉදිරියේ දී රජය විසින් තේ බැංකු ක්‍රමයක් හඳුන්වා දීමට ක්‍රියා කරන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දෙවගෙදර මහතා පවසයි.

මේ වන විට ඒ සඳහා ක්ෂේත්‍රයේ විද්වතුන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද ඒ මහතා පැවසීය. රට තුළ කුඩා තේ වතු හිමියන් මේ වන විට ලක්ෂ පහක පමණ සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන් වෙනුවෙන් සැකසුන බැංකු ක්‍රමයක් මගින් මූල්‍ය ස්ථාවරත්වය මෙන්ම සුභසාධන ක්‍රියාවලිය ද වඩාත් විධිමත් ලෙස පවත්වා ගත හැකි වනු ඇත.

විශේෂයෙන් තේ මිලෙහි ඇති වන උච්ඡාවචනයන් හා තේ කර්මාන්තයේ විවිධ අභියෝගයන් හමුවේ කුඩා තේ වතු හිමියන් ආරක්ෂා කර ගැනීමට මෙවැනි බැංකු ක්‍රමයක් වඩාත් වැදගත් වනු ඇතැයි  කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මේ අදහස් දක්වා සිටියේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 40වන වර්ෂ පූර්ණය වෙනුවෙන්
මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා යටියන්තොට, හල්ගොල්ල වතුයායේ පැවති රැස්වීමක් අමතමිනි.

මේ අවස්ථාව සඳහා කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර, කෑගල්ල කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු ආර්.ඒ.ජී.පී රණසිංහ යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ තේ පරීක්ෂකවරුන්, මාධ්‍යවේදීන් හා හල්ගොල්ල එකමුතු කුඩා තේ වතු හිමියන්ගේ සංවර්ධන සමිතියේ සාමාජිකයන් රැසක් ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.