• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සංඝමිත්තා විද්‍යාලයේ නව තෙමහල් පරිපාලන පරිශ්‍රය සඳහා මුල්ගල තබයි

Akila virajkariyawasam 2017 02 14රුපියල් ලක්ෂ 289ක වියදමකින් ඉදිකරන ගාල්ලේ සංඝමිත්තා විද්‍යාලයේ නව තෙමහල් පරිපාලන පරිශ්‍රය සඳහා මුල්ගල තැබීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ දායකත්වයෙන් මෙම ඉදිකිරීම් ආරම්භ කර ඇත.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.