• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති හා සහල් මෝල් හිමියන්, සහල් ආනයනකරුවන් අතර හමුවක්

He news 2017 02 14වෙළඳපොළේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇති විය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා නිසි ක‍්‍රමවේදයක් කඩිනමින් කි‍්‍රයාවට නැංවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර හමුවක් ඊයේ (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර, එහිදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය. සහල් ආනයනයේදී ලබාදී ඇති බදු සහනය උපරිම අයුරින් පොදු ජනතාව වෙත ලබාදිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සහන මිලකට සහල් ලබාදීම සියලුදෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා පැවසීය. දේශීය සහ විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක් නියම කිරීමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන් ම අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකිවන පරිදි සහල් මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂයක් රජය සතු ගබඩාවල පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා වෙත උපදෙස් දෙනු ලැබීය.

සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ සහල් මිල පිළිබඳ පවතින ගැටලුවට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ යෝජනා ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි. අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රිෂාඩ් බදුර්දීන්, පී. හැරිසන් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.