• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ස්වාධීන මාධ්‍ය නියාමන කොමිෂම සාර්ථක කොමිෂමක් බවට පත් කරන්නට කටයුතු කරනවා

gayantha karunarathnaසාර්ථක කොමිෂමක් බවට ස්වාධීන මාධ්‍ය නියාමන කොමිෂම පත් කරන්නට කටයුතු කරන බවත් ලබන සතියේ අනෙකුත් ආගමික නායකයින්, මාධ්‍ය සංවිධාන, මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවීමට බලාපොරොත්තු වන බවත් සාමූහිකව මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට කටයුතු කරන බවත් සම කැබිනට් ප්‍රකාශක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

 ස්වාධීන මාධ්‍ය යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්, අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ස්වාධීන මාධ්‍ය නියාමන කොමිෂමක් අවශ්‍ය බවට අප කල්පනා කළා. පසුගිය වසරේ නොවැම්බර් 22 කැබිනට් රැස්වීමට කබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එහි අවශ්‍යතාවය ඒකමතිකව කැබිනට් මණ්ඩලය පිළිගෙන, මහජන අඳහස් ලබාගෙන,  සියලු දෙනාගේ අඳහස් ඇති වැඩපිළිවෙළක් සකස් කරන්න අනුමැතිය ලබාදුන්නා.

මහජන අඳහස් ලබාගන්න දිනය අපි දීර්ඝ කරලා අවස්ථාව ලබාදුන්නා. ඊට අමතරව මමත්,අමාත්‍යාංශ ලේකම්තුමාත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල්තුමාත්, පසුගිය සතියේ මල්වතු මහනායක හිමිවරුන් බැහැදැක, මේ පිළිබඳව දැනුම්වත් කළා.

කැබිනට් පත්‍රිකාවක් සකස් කරන්නේ අමාත්‍යාංශයේ ලේකම්වරයායි. අනෙකුත් ආගමික නායකයින් හමුවීමටත්, අනෙකුත් මාධ්‍ය සංවිධාන හමුවෙන්නත්, මාධ්‍ය ආයතන හිමිකරුවන් මුණ ගෙහෙන්නත් ලබන සතියේ කටයුතු කරනවා. මේ පිළිබඳ ව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමා උපරිම ලෙස කටයුතු කරනවා. එතුමාගේ සහායත් අපි ලබාගන්නවා. අපිට අවශ්‍ය සාර්ථක ස්වාධීන මාධ්‍ය නියාමන කොමිෂමක් පත් කරන්නයි. මේ පිළිබඳව දැනටමත් රටේ ජනතාව බොහොමයක් දන්නවා. දැනටමත් අපි මහජන් අඳහස් විමසීම සිදු කර තිබෙනවා. අපි සාමූහිකව මේ කටයුත්ත සාර්ථක කරගන්න කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

මෙහිදී අඳහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ; මෙම පත්‍රිකාව සකස් කර,අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, අපි සැවොම සාකච්ඡා කර ලේකම්තුමාගේ සංශෝධනයක් සමඟ අමාත්‍යතුමාගේ හා ලේකම්තුමාගේ අත්සනින් යවා තිබෙන්නේ. මේ ලියැවිල්ලේ සඳහන් වෙනවා, මහජන අඳහස් එවිය යුත්තේ කාටද කියලා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.