• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමාජ මාධ්‍ය ජාලයන් නියාමනය කිරීමට රජයේ කිසිදු තීරණයක් නෑ

Rajitha Senarathneසමාජ මාධ්‍ය ජාලයන් නියාමනය කිරීම වෙනුවෙන් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, සමාජ මාධ්‍ය ජාලයන් නියාමනය කිරීමට කිසිම රටක ක්‍රමවේදයක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් සිදු කළ හැක්කේ ඒවා භාවිත කරන ආකාරය පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීම පමනක් වන බව අමාත්‍යවරයා එහිදී පැවසීය. කැබිනට් මණ්ඩලය තුළ සමාජ මාධ්‍ය පිළිබඳ සාකච්ඡා කර තිබුණත්, ඒවා නියාමනය කිරීම පිළිබඳ ව කිසිදු ලෙසක සාකච්ඡා වීමක් හෝ තීරණය කිරීමක් සිදු නොවුන බව අමාත්‍යවරයා තවදුරටත් එහිදී පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.