• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුපියල් මිලියන 1.5 වැය කරමින් ඉදිකළ ජාතික රක්ෂණභාර අරමුදලේ දකුණු පළාත් ප්‍රධාන කාර්යාලය ජනතා අයිතියට

Matara news 2017 02 15ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික රක්ෂණභාර අරමුදල මගින් රුපියල් මිලියන 1.5ක් වැය කරමින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඉදිකරන ලද දකුණු පළාත්  ප්‍රධාන කාර්යාලය (අග්‍රහාර) මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සුරතින් පසුගිය දා විවෘත කෙරිණි.

රාජ්‍ය සේවකයාගේ සුරක්ෂිතතාව තහවුරු කරනු වස් ආරම්භ කරන ලද අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය මේ වන විට නව මුහුණුවරක් යටතේ ක්‍රියාත්මක කෙරේ.රුපියල් 125ක් තරම් සුළු මුදලකට රාජ්‍ය සේවකයාගේ සුරක්ෂිතතාව තහවුරු කර දුන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය රක්ෂිතයාගේ ප්‍රතිලාභ ආකර්ශනීය ලෙස ඉහළ නංවමින් රුපියල් 300ට අග්‍රහාර රිදී යෝජනා ක්‍රමයත් රුපියල් 600ට අග්‍රහාර රන් යෝජනා ක්‍රමයත් හඳුන්වා දී තිබේ.

 ලක්ෂ 15ට ආසන්න රාජ්‍ය සේවකයන්ගේ පමණක් නොව විශ්‍රාමිකයන්ගේ ද සුරක්ෂිතතාව පිළිබඳ වගකීම අග්‍රහාර රක්ෂණය හරහා ජාතික රක්ෂණභාර අරමුදල සියතට ගෙන ඇත. අවම වාරිකයකට ඉහළ ප්‍රතිලාභ හිමිකර දීමේ අරමුණින් රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ රථවාහන වෙනුවෙන් අග්‍රහාර රථවාහන රක්ෂණ යෝජනා ක්‍රමය ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.ජාතික රක්ෂණභාර අරමුදලේ දකුණු පළාත් ප්‍රධාන කාර්යාලය (අග්‍රහාර) ඉදිකිරීම ඩී.කේ. නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඉංජිනේරු අංශය විසින් සිදුකරන ලදී.

මේ අවස්ථාවට ජාතික රක්ෂණභාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා, මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා, ප්‍රධාන ගණකාධිකාරී චන්දන මිරිස්සගේ මහතා, සැලසුම් අධ්‍යක්ෂ විදුර ප්‍රසන්න මහතා, ප්‍රධාන විධායක නිලධාරී සනත් සී. ද සිල්වා මහතා ඇතුළු ජාතික රක්ෂණභාර අරමුදලේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.