• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බලපත්‍ර කොන්දේසී කඩ කරන කලුගල් සහ වැලි කර්මාන්තකරුවන්ට නීතිමය පියවර

Strone2017කලු ගල් සහ වැලි බලපත්‍ර නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයින් බලපත්‍ර කොන්දේසි නිසියාකාර ව පිළිපදිනවා ද  යන්න පිළිබඳ අදාළ කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන්ගෙන් තොරතුරු විමසා බලන ලෙසත්, කොන්දේසි කඩකරන පුද්ගලයන්ගේ බලපත්‍ර අහෝසි කර නඩු පවරන ලෙසත් මාතලේ දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත..

බලපත්‍රලාභීන් බලපත්‍ර කොන්දේසී රැකීමට අනිවාර්යයෙන් ම බැදී සිටින බවත්, එකී කොන්දේසී පනවා තිබෙන්නේ පාරිසරික හානි සහ  මහජන පීඩාවන් ඇති නොවන ලෙස කර්මාන්තය පවත්වා ගෙන යාමට අවස්ථාව දීමට බවත්, සඳහන් කළ දිසාපතිවරයා කොන්දේසී කඩකිරීමෙන් ඉහත තත්ත්වයන් බිද වැටෙන බව ද පැවසීය.

ඒ නිසා කර්මාන්තකරුවන් බලපත්‍ර කොන්දේසි ආරක්ෂා කරන්නේ දැයි ග්‍රාම නිලධාරී, දිවි නැගුම නිලධාරී වැනි කේෂ්ත්‍ර නිලධාරීන්ගෙන් විමර්ශන ලබා ගැනීම වැදගත් බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ, පසුගියදා පැවැති දිස්ත්‍රික් පරිසර රැස්වීම අමතමිනි.දිසා ලේකම් කාර්යා රැස්වීම් ශාලාවේදී පැවති මෙම රැස්වීමේදී වැලි ප්‍රවාහනයේදී ග්‍රාමිය මාර්ග වලට සිදුවන හානිය පිළිබඳ ව  ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පෙන්වා දීමෙන් ඒ පිළිබඳ ව ද ඒ මහතාගේ අවධානය යොමු විය.

විශාල ට්‍රක් රථවලින් අතුරු මාර්ගවල වැලි ප්‍රවාහනයේදී එම මාර්ග අඹලන් වන බැවින් ඒ සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේ දී  ප්‍රදේශීය  ලේකම්වරු සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන්ගෙන් අදාළ මාර්ගය පිළිබඳ නිර්දේශ ලබාගත යුතු බවත් දිසාපතිවරයා පැවසීය.කලුගල් කර්මාන්තය, වැලි කර්මාන්තය වැනි කර්මාන්ත වලට බලපත්‍ර ලබාදීමේ දී මහජන විරෝධතා ඇති නොවන පරිදි ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගෙන්  තොරතුරු විමසීම වැදගත් බව ද දිසාපතිවරයා පැවසීය. මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.