• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විසි වසරකට පසු තංගල්ල පුරවරයේ නව පිබිදීමක්

Health ministry news 2017 02 16සුනාමි  ව්‍යසනයෙන් පසු තංගල්ල රෝහල සංවර්ධනය කිරීමටත් , රෝහලට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සියල්ල ලබා දීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගනු ලැබිය.

මෙම පියවර ගනු ලැබූයේ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය හා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුවේ සම සභාපති දිලිප් වෙදආරච්චි  මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා[ 14 ] දින තංගල්ල රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවය.

මෙහිදී තංගල්ල මූලික රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමද සිදු කෙරිණ. නෙදර්ලන්ත ආධාර යටතේ ඉදි වූ ප්‍රදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19 න් 07 වැන්න එයයි.අදාළ මධ්‍යස්ථාන 19 ඉදිකිරිම සඳහා වැයකර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 28 කි. සෙසු මධ්‍යස්ථාන ද නොබෝ දිනකින් විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය. මෙහිදී අනාවරණය වුයේ 2004 වසරේ දෙසැම්බර් මස 26 දින ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනයෙන් පසු තංගල්ල රෝහල ප්‍රතිසංස්කරණය කළ බවය.

ඒ එදා සුනාමියෙන් මියගිය තංගල්ල ජනතාව වෙනුවෙන්, රාජ්‍ය නොවන සංවිධාන හා අතිපූජ්‍ය කිරම විමලජෝති නායක හිමියන් වගේම පරිත්‍යාගශිලින්ගේ ආධාර හා කොරීයානු රජයේ ආධාර මතයි.තංගල්ල මුලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් දෛනිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව 450 දෙනෙකි. දෛනිකව නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 270 දෙනෙකු පමණ වේ .එහෙත් බරපතල ගැටලුවක් ව ඇත්තේ වෛද්‍යවරුන්ගේ හිගයයි.  රෝහලට අවශ්‍ය  වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවෙන් හතරෙන් තුනක් පමණක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යවරයා හා දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් බලධාරීන් සමඟ පැවති සාකච්ජාවේදී හෙළිදරව් විය.

දැනට රෝහලේ සිටින වෛද්‍යවරුන් හැර සෙසු කාර්ය මණ්ඩලය 500 දෙනෙකි . එහෙත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දැඩි හිඟයක් පවති. එම සංඛ්‍යාව 20 දෙනෙකුට අධිකය. කනිෂ්ඨ සේවක හිගය 20 දෙනෙකු වුවත් රෝහලේ කටයුතු පවත්වාගෙන යාමේදී එය බලවත් ගැටලු මතු කරන්නකි .පවතින ගැටලු වලට ක්ෂණිකව විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අවශ්‍ය උපදෙස් හා කටයුතු කරනු ලැබිය.

ඒ අනුව මහල් 10 කින් සමන්විත ශල්‍ය වාට්ටු සංකීර්ණයක් තංගල්ල මුලික රෝහලට ලබාදීමට අවශ්‍ය සියලු ම පියවර ගැනීමට ඒ අවස්ථාවේදී ම උපදෙස් ලබා දුන්නේය .ඊට  01     ශල්‍ය වාට්ටුවක් ,       02     දැඩි සත්කාර ඒකකයක් ,       03     අක්ෂි ශල්‍ය වාට්ටුවක්  ,       04    උගුර , කණ ,නාසය [ ENT] වාට්ටුවකින්       05    දන්ත ශල්‍ය වාට්ටුවකින් හා අවශ්‍ය සියලු ම උපකරණ ද සහිතව මෙම මහල් 10 කින් සමන්විත ශල්‍ය වාට්ටු සංකීර්ණය සමන්විතය .දැනට ඉදිකෙරෙමින් පවතින ළමා වාට්ටු සංකීර්ණයේ කටයුතු අවසන් කර ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 250 මුදලක් ලබා දීමට ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගනු ලැබිය.

රෝහලේ සායනික අපද්‍රව්‍ය පිළිස්සීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරමින් අපද්‍රව්‍ය පිළිස්සීමේ දහන උදුනක් ලබාදීමටද කටයුතු කෙරිණ .දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණද ලබා දීමට පියවර ගන්නැයි අමාත්‍යංශයේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දෙන ලදී .රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිගය පිළිබඳ ව අවදානය යොමු කරමින් වෛද්‍ය හිගය අවම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳ ව අවශ්‍ය උපදෙස් ලබා දුන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එකී කටයුතු කඩිනමින් සිදු කරණ ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන්නේය .රෝහලට අධිකරණ වෛද්‍යවරයකුගේ අඩුපාඩුවක් පවතින බවට මෙහිදී ඉදිරිපත් වූ කරුණු කෙරෙහිද අවධානය යොමුකරමින් ඒ සඳහා ද කඩිනමින් විසඳුමක් ලබාදීමට පියවර ගැනීමට කටයුතු කෙරිණ.ඊට අමතර ව රෝහලට අවශ්‍ය ගිලන්රථ දෙකක් දෙසතියක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී'

රෝහලේ කටයුතු වලට දැඩි බාධාවක්ව පවතින කනිෂ්ඨ සේවක හිගය පියවීමට කටයුතු කිරීම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදුකල යුතු කාර්යයක් බැවින් ඒ සඳහා වහා මැදිහත් වන්නැයි පළාත් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය . පළාත් සභා මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්දුගුප්ත මහතා  ඇතුළු නිලධාරීන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, ජාතික රැධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක, තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිනී අයි.එස් යක්දෙහිගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.