• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මෙරට ක්‍රීඩා සංවර්ධනයට අදාළ ව ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

Sport news 2017 02 15ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගීතාවය සහ ක්‍රීඩාවේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම උදෙසා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (15) ඕස්ට්‍රේලියාවේ කැන්බරා හිදී සිදු කෙරිණි. 

එම අවබෝධතා ගිවිසුමට අනුව මෙරට ක්‍රීඩා පුහුණුකරුවන්, කළමණාකරුවන්, වෛද්‍ය වෘත්තීයවේදීන්, ක්‍රීඩා විශේෂඥයන් පුහුණු කිරීම හා හුවමාරු කර ගැනීමට මෙන්ම ද්වීපාර්ශවීය වශයෙන් තහනම් උත්තේජක තාක්ෂණය බෙදාහදා ගැනීම අපේක්ෂා කෙරේ. 

මෙම ගිවිසුමට අත්සත් තැබීම, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එරට ක්‍රීඩා අමාත්‍ය ග්‍රෙග් හන්ට් (Greg Hunt) මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කළේය.

 ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර වූ දිගු කාලීන සම්බන්ධතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕස්ට්‍රේලියානු සංචාරයට සමඟාමී ව මෙම අවබෝධතාවයට අත්සන් තැබීම සිදු කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.