• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නියඟය හේතුවෙන් ගම්පහ පවුල් 23460කට ජලය සැපයීමට පියවර

water 2017මේ දිනවල පවතින දැඩි නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක ග්‍රාම නිලධාරී වසම් 189ක ජනතාව සඳහා පානීය ජල පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

කටාන,  දිවුලපිටිය,   මීරිගම,   මිනුවන්ගොඩ,  ගම්පහ,  අත්තනගල්ල සහ මහර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 15, 929කට අයත් සාමාජිකයින් 100535 දෙනෙකු සඳහා මෙසේ ජල පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ නල ජල සැපයුම නොමැති බොහෝ ප්‍රදේශයන්හි ළිං සිදී යමින් පවතී. එම ජනතාවට පානීය ජලය ලබා දීමට ග්‍රාම නිලධාරීන්ගේ දැනුම් දීම පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුමැතිය යටතේ පළාත් පාලන ආයතනයන් මගින් පියවර ඇත.           

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.