• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අධිකරණ ක්ෂේත‍්‍රයේ කටයුතු පිරිසිදුව ඉටුවිය යුතුයි

He news 2017 02 15අධිකරණ ක්ෂේත‍්‍රයට අදාළ පත්කිරීම් සිදු කිරීමේදී කිසිදු අවස්ථාවක තම පුද්ගලික අභිමතය පරිදි තනි තීන්දු ගෙන නොමැති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා පසුගියදා අන්තර්ජාලය ඇතුළු මාධ්‍ය මගින් මෙන්ම අධිකරණ ක්ෂේත‍්‍රයේ ඇතැම් ආයතන චෝදනා එල්ල කළ මහාධිකරණ විනිශ්චයකාර පත්වීම සිදුකරන ලද්දේ ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම අනුව බව ප‍්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ පත්කිරීම සිදු කරන ලද්දේ අධිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන ආයතවල නිරික්ෂණයට ඉදිරිපත්කොට අනුමැතිය හිමිවීමෙන් පසුව බව ද පැවසු ජනාධිපතිතුමා අධිකරණ ක්ෂේත‍්‍රයේ කටයුතු ඉතාමත් පිරිසිදුව, විනිවිදභාවයෙන් යුතුව ඉටුවිය යුතුය යන්න එදත්, අදත්, හෙටත් තම ස්ථාවරය බව ද කියා සිටියේය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ  පසුගියදා කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති 2017 ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය අමතමිනි.

සමාජය තුළ ඉතා විවෘත ව කටයුතු කළ අයෙකු ලෙස සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති ධූරයේ බලතලවලින් කොටසක් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ස්වාධීන ආයතනවලට පවරාදුන් ජනාධිපතිවරයෙකු ලෙස දැනට ඉතිරිව තිබෙන බලතල භාවිත කිරීමේදී ද කිසිදු අවස්ථාවක තනී තීරණවලට එළැඹීමට සුදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිතුමා සියලු ක්ෂේත‍්‍රවල තීන්දු තීරණ ගැනීමේදී එම ක්ෂේත‍්‍රවල සිටින විශේෂඥයින් මෙන්ම උගතුන් සහ බුද්ධිමතුන් සමඟ සාකච්ඡා කරන බව ද ප‍්‍රකාශ කළේය.

අධිකරණ පද්ධතිය තුළින් මහජනතාව අපේක්ෂා කරන අරමුණු ඉටු කිරීමේදී බොහෝ දේ සංවාදයට පමණක් සීමාවී තිබෙන අතර, ඒ සඳහා නිසි විසඳුම් ලැබී නොමැති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා නඩු කටයුතු ප‍්‍රමාදවීම් වැනි මෙම ගැටලු විසඳාගැනීමට ක්ෂේත‍්‍රයේ සියලුදෙනා සාමුහිකව තම වගකීම් ඉටුකළයුතු බව ද ප‍්‍රකාශ කළේය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන්, නීතිපති ජයන්ත ජයසූරිය, ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් යන මහත්වරුන් ඇතුළු අධිකරණ සහ නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.