• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉඩම් ගොඩකිරීම් වැළැක්වීම සම්බන්ධයෙන් සිය වගකීම් ඉටු කළ නොහැකි නිලධාරින් තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි

He news 2017 02 17 1වියළි කාලගුණයෙන් ආපදාවට ලක්වූ ගොවීන්ට මසකට රුපියල් දසදහසක දීමනාවක් ගෙවීමට ජනපතිගෙන් උපදෙස්වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වී ඇති සෑම ගොවි පවුලක් සඳහා ම මසකට රුපියල් දසදහසක දීමනාවක් ලබාදීමට ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ප‍්‍රාදේශීය ලේකම්වරු, ග‍්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා ආපදාවට පත්වී ඇති ගොවි පවුල් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ඒවා පදනම්කර ගනිමින් ලබන මාර්තු මස අග සිට යල කන්නය ආරම්භ වන තෙක් මෙම දීමනාව ගෙවීමට ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ නියං තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවූ බලපෑම පිළිබඳ ව අදාළ අංශ ප‍්‍රධානීන් සමඟ ඊයේ (16) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදීය.ඉඩම් ගොඩකිරීම් සම්බන්ධයෙන් මහජනතාවගෙන් විශාල පැමිණිලි ප‍්‍රමාණයක් ලැබෙන බැවින් ඒ සඳහා අදාළ නිලධාරීන් වහාම පියවර ගත යුතු බවද මෙහිදී පැවසු ජනාධිපතිතුමා සිය වගකීම් නිසි ලෙස ඉටු කළ නොහැකි සියලු නිලධාරීන් තම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවද අවධාරණය කළේය.

නියඟයෙන් පීඩාවට පත්වූ ජනතාවට ඉදිරියේදී සහල් සහනාධාර ලබාදීමට නියමිත අතර නිසි සංඛ්‍යාලේඛන පිළිබඳ සැලකිලිමත් වෙමින් විධිමත් අයුරින් එම බෙදාහැරීම සිදුකිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට පැවසීය.එමෙන් ම ජලය හිඟ ප‍්‍රදේශවල ජනතාවගේ පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා සපයන ජලය භාවිතයට සුදුසු තත්ත්වයෙන් යුතුවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිතුමා, දියනෑම සඳහා ජලය පවතින දුරබැහැර පොදු ළිං කරා ජනතාව රැගෙන යාමට අවශ්‍යනම් බස්රථ යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද නිලධාරින් දැනුවත් කළේය.ඉදිරියේදී ඇතිවේ යැයි සැලකෙන විදුලි අර්බුදයට විකල්ප ලෙස පල්ලෙකැලේ, හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල ආදී ප‍්‍රදේශවල හදිසි විදුලි උත්පාදන යන්ත‍්‍ර පිහිටුවීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිහරණය කරන ලෙස ජනමාධ්‍ය සහ අන්තර්ජාලය හරහා ජනතාව දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.

එමෙන් ම අඛණ්ඩ ව විදුලිය සැපයීම සඳහා වැයවන මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගනිමින් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ඇති නළ ලිං අලුත්වැඩියා කිරීම, වගා ළිං සංවර්ධනය, බිත්තර වී වගාකිරීම, තෙත් කලාපීය පුරන් කුඹුරු අස්වැද්දීම යනාදී කරුණු කි‍්‍රයාවට නැංවීම පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු විය.මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන අනුර ප‍්‍රියදර්ශන යාපා, රාජිත සේනාරත්න, රවී කරුණානායක, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ අදාළ අනෙකුත් අංශ ප‍්‍රධානීන් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.