• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වව්නියාවේ පම්පමඩුව පුදිය සාලම්බකුලම් හි වසර 15ක කැළි කසළ තොගයට පිළියම්

Ministry of industry 2017 02 19වව්නියාවේ පම්පමඩුව පුදිය සාලම්බකුලම් හි වසර 15ක සිට ගොඩගසා ඇති කැළි කසළ තොගය වහාම ඉවත් කර නිසි පරිදි කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා නියෝග කර ඇත.

අමාත්‍යවරයා මේ නියෝගය සිදු කර ඇත්තේ, ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් ගෙන දුන් කසළ ගොඩගසා ඇති ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. වසර ගණනාවක සිට ජනතාව පීඩාවට පත් කළ කසළ තොගය එම ස්ථානයෙන් ඉවත් කර ජනශූන්‍ය ස්ථානක තෝරාගත් අක්කර 10ක රජයේ ඉඩමක කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි 20ක මුදලක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් වෙන්කර ගත් බව ද අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා වැඩිදුරටත් පැවසීය.

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය හා වව්නියාව ආයිසා විද්‍යාලය පිහිටා ඇත්තේ ද මේ කසළ ගොඩ ආසන්නයේය. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් පවතින බවට චෝදනා එල්ල වී තිබිණි. ඒ ආසන්නයේ පවුල් 2000කට පමණ මෙහි පීඩාව විඳින්නට සිදුව තිබූ බව ගම්වැසියෝ චෝදනා කරති. දින කිහිපයකට පෙර පුදියසින්න කුලම් ගම්මානයේ කුඩා දරුවකු හදිසියේ ම අසනීප වීමට හේතුව කසළ ගොඩ යැයි වව්නියාව රෝහලේ වෛද්‍යවරුන්ගේ නිගමනය වීමත් සමඟ ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් ද හටගෙන තිබිණි.අක්කර පහක පමණ භූමියක කසළ ගොඩගසා තිබූ අතර, මියගිය ගවයන්ගේ හා සුනඛයන්ගේ කොටස් ද එහි දමා තිබිණි.

එමෙන් ම වව්නියාව මහ නගර සභාවේ ගලි බවුසරය මගින් ප්‍රවාහනය කරන වැසිකිළි අපද්‍රව්‍යය ද මේ ස්ථානයේ බැහැර කරන බැවින් දැඩි දුඟදක් හමා එන බව ද ප්‍රදේශවාසීහු කියති.මෙම ස්ථානයේ නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වූ රිෂාඩ් බදුයිදීන් අමාත්‍යවරයා මෙසේ පැවසීය.‘‘වව්නියාවේ සාලම්බකුලම් කසළ ගොඩ ගැන ජනතාවගේ විශාල විරෝධයක් තිබුණා. අපි මේ ගැන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සමඟ සාකච්ඡා කළාට පස්සේ රුපියල් කෝටි 20ක මුදලක් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් සඳහා අනුමත කර තිබෙනවා.

දැනටමත් රජය සතු අක්කර 10ක ඉඩමක් කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටනට යොදා ගැනීමට හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉක්මණින් මේ කසළ තොගය ඉවත් කරලා එම ස්ථානයේ කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කරනවා. මෙතැනට ආවම ඇත්තට ම ලොකු වේදනාවක් ඇති වුණා. මේ අවට ජනතාව දැඩි පීඩාවක් විදින්නට ඇති. මේ සඳහා අප ඉතා ඉකමණින් මැදහත් වුණේ ඒ නිසා. මේ වසර අවසාන වීමට පෙර මේ ගැටලු ව අපි විසඳනවා. “වවුනියාව පළාත් පාලන සහකාර කොමසාරිස්, වවුනියාව ප්‍රදේශීය සභා ලේකම්, වවුනියාව ප්‍රදේශීය ලේකම්, නගර සභා ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.