• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු කොටසට පානීය ජලය ලබාදීමට කොරියානු Eximbank ඉදිරිපත් වේ

Korean news 2017 02 20"දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය" සඳහා 2017 පෙබරවාරි මස 20 වැනි දින නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චන්, වොන්-සෑම් මහතා ප්‍රදානත්වයෙන් මුල් ගල තබන ලදී.

 කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු කොටස දෙසට පිහිටා ඇති මහව හා පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි සිටින ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ  මෙම ව්‍යාපෘතිය සඳහා කොරියානු අපනයන-ආනයන බැංකුව (කොරියානු Eximbank) විසින් සහාය ලබා දෙන අතර මෙහි අරමුණ වන්නේ මෙම ප්‍රදේශයේ පවතින නිදන්ගත වකුගඩු රෝගය පාලනය කිරීමයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුනාගෙන ඇති පරිදි නිදන්ගත වකුගඩු රෝගය මෙම ප්‍රදේශයේ ශීඝ්‍රයෙන්  පැතිර යන උවදුරක්  බවට පත් වී තිබේ. මෙම රෝගය ව්‍යාප්තවීම සඳහා ප්‍රධාන හේතුව  කුරුණෑගල දිස්ත්‍රික්කයේ නල ජල ආවරණය නොමැති නිසා මිනිසුන් අනාරක්ෂිත භූගත ජලය පරිභෝජනය කිරීමයි. මෙම තත්ත්වයන් හමුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් නිදන්ගත වකුගඩු රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කරයි.

මෙම බෙලහීන රෝගය වැළැක්වීම සඳහා රජයේ සැලසුම හා සමඟාමී ව, කොරියානු Eximbank විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු කොටස දෙසට පිහිටා ඇති මහව හා පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පදිංචි ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමට අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතිය හරහා, එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 90,800කට හෙවත් නිවාස 18,200 කට නල ජලය ලබා දෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය තුළින්, බඳවා ව්‍යුහයක්, පුළුල් ජල පහසුකම්, ගොඩ ජල පවිත්‍රාගාරයක්, ජලරැහැන්, ජලය ගබඩා කරන ජලාශ හා ජල බෙදා හැරීමේ ජාලයක් ඉදි කිරීමට බලාපොරොත්තු වේ. තවද, මෙම පහසුකම්වල මෙහෙයුම් හා නඩත්තු කටයුතු තහවුරු කිරීම සඳහා ආයතනික ධාරිතාව සංවර්ධනය කිරීමටද නියමිතය. 2019 වර්ෂයේ මැද භාගයේ දී සාර්ථකව ව්‍යාපෘතිය නිම කිරීමෙන්, නිදන්ගත වකුගඩු රෝගය හා ජලයෙන් බෝවන රෝග වැනි සිදුවීම් අඩු කිරීමට මෙන් ම, කලාපය තුළ ඇති සෞඛ්‍ය හා ජීවන තත්ත්වයන් වැඩි කිරීමටද මෙම ව්‍යාපෘතිය දායක වන බව කොරියානු Eximbank අපේක්ෂා කරයි. මෙම අවස්ථාවට සහභාගි වූ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති, චන්, වොන්-සෑම් මහතා පැවසීයේ "මෙම උත්සවය කොරියානු ජනරජය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 40 වැනි සංවත්සරය සැමරීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරන" බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.