• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මත් ද්‍රව්‍යයන් ට තරුණ කොටස් ඇබ්බැහිවීම ජාතික ව්‍යයසනයක්

big matchක්‍රිකට් වසන්තය උදාවීමත් සමඟ ඇති වන තරුණ කොටස්වල මතට ගොදුරු වීමේ ව්‍යයසනය වසරින් වසර ඉහළ යමින් පවතින බව කුප්පියාවත්තේ බෝධානන්ද හිමියෝ පවසයි.
කුප්පියාවත්තේ බෝධානන්ද හිමිපාණෝ මේ බව පැවසුවේ, අද (20) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

“උන්වහන්සේ එහිදී තවදුරටත් පැවසුවේ, ක්‍රීඩාව ආරම්භ වූයේ ජය පරාජය දරා ගැනීමේ හැකියාව මතයි. මෙසේ ආරම්භ වූ ක්‍රීඩාව ට අද වන විට ඉතාමත් භයානක අනාගතයක් ඇති වෙමින් පවතිනුයේ ඒ තුළට මත්ද්‍රව්‍ය පැමිණීම හේතුවෙනි. ප්‍රථම දුම්වැටිය, මත්වතුරට පාසල් දරුවන් හුරුවන්නේ පාසල් ආශ්‍රිත ව පවතින බිග් මැච් වැනි උත්සව සමයේදීය”.

මෙම අවස්ථාවට එක් වූ පුජ්‍ය ඕමල්පේ පූජිත හිමියන් පැවසුවේ, මත් උවදුර මෙරටින් පිටු දැකීමට ක්‍රියාකරමින් සිටින මොහොතක, මත් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පාසල් සිසුන් ඊට යොදා ගැනීමට උත්සාහ දරන බවයි.

මෙම අවස්ථාවට එක් වූ පූජ්‍ය පක්ෂය පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසල් ක්‍රීඩා උත්සව ඊට ඉලක්ක කරගන්නා බවයි. මෙවර ක‍්‍රීකට් තරග සහයෝගයෙන් පැවැත්විය නොහැකිනම් හෝ මෙම මත්ද්‍රව්‍ය භාවිත තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වන්නේ නම් ප‍්‍රධාන පෙළේ පාසල් අතර පැවැත්වෙන මහා ක‍්‍රිකට් තරග (බිග් මැච්) නතර කිරීමට වහා පියවර ගන්නා ලෙස මෙම භික්ෂූන් වහන්සේලා රජයෙන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාවට  සිංගප්පූරුව හා ඇඹිලිපිටිය බෝධිරාජ පදනමේ අනුශාසක  ඕමල්පේ සෝභිත හිමි, සියම් මහා නිකායේ කෝට්ටේ පාශ්වයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, බම්බලපිටියේ වජිරාරාමාධිපති අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි, කුප්පියාවත්තේ බෝධානන්ද හිමි, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.