• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“Speculo 2017” ජාතික චිත්‍ර සහදෘෂ්‍ය කලා ප්‍රදර්ශනය පෙබරවාරි 24 ඇරඹේ

Srilankan airline 2017ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රථම වරට සංවිධානය කරන  “Speculo 2017 ” ජාතික චිත්‍ර සහ දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය මේ මස 24, 25 සහ 26 යන දිනවල කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේ  දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ සඳහා දිවයින පුරා විහිදී සිටි දහස් සංඛ්‍යාත සිත්තරුන් පිරිසක් නිර්මාණ යොමු කළ අතර තෝරාගත් විශිෂ්ට නිර්මාණ 300ක්  මෙහිදී ප්‍රදර්ශනයට එක් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් රැසකගේ නිර්මාණ එකම ස්ථානයකදී දැක ගැනීමේ අවස්ථාව මෙමගින් සැමට උදා වන අතර, ප්‍රදර්ශනය පැවැත්වෙන කාලයේදී සජීවී චිත්‍ර තරග, Portrait scathing  සහ Mehendi Arts වැනි අංග පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. 

එමෙන් ම දවසේ වඩාත් සිත්ගන්නාසුලු චිත්‍රය සිතුවම් කරන සිත්තරාට වටිනා තෑගි ලබාදීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත. පුරා දින තුනක් පැවැත්වෙන මෙම ජාතික චිත්‍ර සහ දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ශ්‍රීලකංන් ගුවන් සමාගම සැමට ආරාධනා කර සිටියි.ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම දිවයින පුරා විසිරී පැතිරී සිටින්නා වූ වෘත්තීය, ආධුනික සිත්තරුන් සහ තරුණ තරුණියන් මෙන් ම පාසල් දරු දැරියන්හට සිය අදහස්, නිර්මාණාත්මක ලෙසින් එළි දැක්වීමට අවශ්‍ය කරන්නා වූ පීඨිකාවක් සපයමින් ජාතික චිත්‍ර සහ දෘෂ්‍ය කලා  තරගාවලියක්  (Speculo2017) පැවැත්වීමට කටයුතු යොදන ලදී.

“අපිව දකින ඔබ”යන තේමාව මුල්කර ගනිමින්මෙම තරගාවලිය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පාසල් අංශය , විවෘත අංශය සහ ප්‍රවීණ අංශයයන කාණ්ඩ තුන යටතේ මෙම තරගාවලිය පවත්වන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.