• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා ඊයේ දිවයින පුරා වැටලීම්

Consumer Affairs Autho2017 02සහල් පාලන මිලක් නියම කර තිබිය දී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා ඊයේ (20) දිවයින පුරා වැටලීම් 137ක් සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පැවසුවේ, අහඹු ලෙස තෝරගාත් ස්ථානයන් හා සහල් වැඩිමිලට විකුණන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදුකරන බවයි.

එලෙස කරන ලද වැටලීම් 137ක් අතරින් වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 52ක් හඳුනාගත් බවත්, එම පුද්ගලයන්ට හා ව්‍යාපාරික ස්ථානවලට එරෙහි ව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඊයේ (20) දිනය පුරා සහල් පිළිබඳ ව කරන ලද වැටලීම් අතිරින් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ය. එම සංඛ්‍යාව 13කි. මහනුවර දිස්ත්‍රික්කයේ වැටලීම් 12ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැටලීම් 10ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැටලීම් 08ක් හා වවුනියාව දිස්ත්‍රික්කයේ වැටලීම් 07ක් හා පොලොන්නරුව හා කෑගල්ල දිස්ත්‍රික්කයන් හි වැටලීම් 06ක් බැගින් සිදුකර ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.