• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Navy news 2017 02 22උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩාහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය (20) කීරමුනාල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකේය ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම පුද්ගලයන්, මුහුදු කූඩැල්ලන් 302ක්, ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ කට්ටල සමඟ අත්අඩංගුවට ගත් අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන් කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.