• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ජනපති හමු වෙයි

He news 201702 22පරිසරය සුරකිමින්, ආර්ථිකය නංවමින්, විදුලි ක්ෂේත‍්‍රය ගොඩනගන ඉදිරි මග පිළිබඳ ජනාධිපති  මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අතර සාකච්ඡාවක් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අනාගතයේ දී බලාගාර ඉදිකළහැකි ස්ථාන සැලසුම් කිරීම, ජල විදුලියෙන් පසු ඊළඟ පියවර ලෙස විශාල පරිමාණයේ සුළං බලාගාර කරා ගමන් කිරීම වැනි කරුණු පිළිබඳ ව මෙහිදී ඉංජිනේරු සංගමය දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ. ලංකා විදුලිබල මණ්ඩලයේ සැලසුම්කරණ අඩු වියදම් බලාගාරවලට එරෙහිව අන්තගාමී බලවේගවලින් එල්ල වී ඇති අභියෝග පිළිබඳ ව ද ඉංජිනේරු සංගමය වෙතින් කරුණු ඉදිරිපත් කෙරිණි. එමෙන් ම ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සහිත බලශක්ති විශේෂඥයන්ට ඇහුම්කන් දෙමින් ඉදිරි සැලසුම් කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ඉංජිනේරු සංගමයේ නිලධාරීහු ලංකා විදුලි බල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලසුම් පිළිබඳ ව ද ඉදිරිපත් කිරීම් සිදු කළහ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී. පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.ඩී.එස්. විජේපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.