• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සාගරය පදනම් කර ගත් ඒකාබද්ද වැඩපිළිවෙළක්

Hon Deleep wedaarachci 20170222“නිල් ආර්ථික” සංකල්පය ඔස්සේ  ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව අතර සාගර සම්පත කළමනාකරණය මගින් විශාල ආර්ථික සංවර්ධනයක්  සඳහා ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර අවධානය යොමු කළ යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

 මේ පිළිබඳ ව සාකච්ඡාවක් ඊයේ (21) අමාත්‍යවරයා සහ ‍ඉන්දුනීසියානු වැඩ බලන තානාපති Dwatmaji Hanomanresi මහතා අතර සිදු කෙරිණ. 

 ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම හමුවේදී වැඩිදුරටත් තීරණය කෙරුණේ ඒ සඳහා දෙරට අතර අවබෝධතා වැඩමුළුවක් සංවිධානය කළ යුතු බවයි.   එම අවස්ථාවට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබද නිලධාරී Pinardi Priambodo මහතා මෙන්ම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ වැඩබලන ලේකම් අබ්දුල් මජිඩ්, රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ජී.එම්.දිනේෂ් කුමාර, රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක අයේෂ් රණවක යන මහත්වරුන්ද එක්ව සිටියහ .    

ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත සාගර සම්පත් පිළිබඳ ආර්ථික සංවර්ධන කතිකාවත් යෝජනාව ජනාධිපතිතුමා විසින් ලබන 06 වැනි දින ඉන්දුනීසියාවේ සිදුකරන නිළ සංචාරයේදී දෙරටේ නායකයන් වෙත ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය කෙරිණ.   ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නව ආර්ථික මංපෙත් විවර කර ගනිමින් නැවුම් දිශාවකට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එහිදී පෙන්වා දුන්නේය .එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, 

“නිල් ආර්ථික” වැඩපිළිවෙළ තමන් විසින් ධීවර කර්මාන්තයට හඳුන්වා දී ධීවර හා සංචාරක ක්ෂේත්‍ර ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවයි.  අදාළ “නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබඳ ව විශාල ලෙස පැහැදුණු ඉන්දුනීසියානු වැඩබලන තානාපතිවරයා සහ තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ නිලධාරියා අදාළ වැඩපිළිවෙළ දෙරට අතර ධීවර කර්මාන්තයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමට හේතු කර ගත හැකි බවද සඳහන් කළේය .        

චීනයට පමණක් දෙවැනි ධීවර කර්මාන්තයෙන් විශාල දියුණුවක් ලබා සිටින ඉන්දුනීසියාව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බව වැඩබලන තානපාතිවරයා එහිදී පැවසීය.  

 මෙම කටයුතු වඩාත් ඵලදායි හා මිත්‍රශිලිව පවත්වාගෙන යාම සඳහා ඉන්දුනීසියාවේ ධීවර අමාත්‍යවරයාට නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී ඉල්ලා සිටියේය.


    

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.