• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කියුබානු තානාපති සහ ධීවර රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Deleep wedaarachchi 20170222නිල් ආර්ථික වැඩපිළිවෙළ මගින් හඳුන්වා දී ඇති ධීවර කර්මාන්තය හා බැදුණු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ඉතා ප්‍රශංසනීය බව කියුබානු තානාපතිනි Juana Elena Ramos Rodriguez මහත්මිය පැවසුවාය. 


තානාපතිනිය මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමඟ අද (22) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී කියුබා තානාපතිතුමියට යෝජිත නිල් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ව පැහැදිලි කර දෙනු ලැබිය .  මෙම වැඩපිළිවෙළ මගින් සාගර සම්පත් මගින් නව ආයෝජන විවර කර ගැනීම හා ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය මෙන්ම සාගර ප්‍රවාහන ජාලයක්, පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත .    

ඒ පිළිබඳ ව වඩාත් පැහැදුණු කියුබා තානාපතිතුමිය ඒ ඔස්සේ ධීවර කර්මාන්තයෙන් විශාල ප්‍රගතියක් අපේක්ෂාවෙන් සිටින තම රටට ද මෙය ඉතා වැදගත් බව සඳහන් කළාය .       

එබැවින් කියුබාවේ ධීවර කර්මාන්තය පිළිබඳ ව මෙන්ම දෙරටේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයාබැලීමට එරට නිල සංචාරයක් සඳහා එන්නැයි තානාපතිතුමිය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගෙන් ඉල්ලීමක් ද කළාය.     

 එම ආරාධනය ඉතා නිහතමානනීව පිළිගත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ සමීපත ම මිත්‍රයකු වන පිදෙල් කැස්ත්‍රෝ මැතිතුමාගේ පාලන කාලයේ සිට දෙරට අතර පවතින මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කරමින් දෙරට අතර සහයෝගිතා ව්‍යාපාරික අවස්ථා විවර කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

 වත්මන් රජය නව ආයෝජන අවස්ථා විවර කර ඇති බැවින් ධීවර කර්මාන්තයේ ආයෝජනය සඳහා කියුබා ආයෝජකයන් යොමුකර ගැනීමට ඇති හැකියා ව සොයා බලන ලෙසද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී එරට තානාපතිතුමියගෙන් ඉල්ලීමක් කළේය .    

 මෙහිදී දිලිප් වෙදආරච්චි මහතා කියුබා ආහාර හා නිෂ්පාදන අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරධනය කළේය. මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අබ්දුල් මජිඩ් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.