• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක්

He presidentජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් ඊයේ (22) දහවල් ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

වත්මන් දේශපාලන කටයුතු සහ පළාත් සංවර්ධන කටයුතුවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ඒ පිළිබඳ ආසන සංවිධායකවරු අදහස් සහ යෝජනා රැසක් ඉදිරිපත් කළහ.

වර්තමාන දේශපාලන පසුබිම තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වගකීම් ජයග‍්‍රාහී ලෙස ඉටුකිරීමට සාමුහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පක්ෂයේ යාන්ත‍්‍රණය නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යමින් ගුණාත්මක සහ අවංක දේශපාලන ව්‍යාපාරයකට සියලුදෙනා කැපවිය යුතු බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අග‍්‍රාමාත්‍ය දී.මූ ජයරත්න, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සහ ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.