• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවයේ සංවර්ධන කටයුතු වලට ඉන්දුනීසියාවේ සහය

Tranceport ministry20170223ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා ඉන්දුනීසීයානු රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ඉන්දුනීසීයානු උප විදේශ අමාත්‍ය ඒ.එම්.ෆාචීර් (A.M.Fachir)  මහතා පවසයි.

උප අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේ අද (23) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය කාර්යාලයේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවු අවස්ථාවේදීය. 

 

එළඹෙන මාර්තු මාසයේදී සිදු කෙරෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දුනීසීයානු සංචාරයට සමඟාමී ව ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ලබාදිය යුතු සහයෝගය පිළිබඳ ව කරුණු සාකච්ඡා කිරීමට ඉන්දුනීසීයානු උප අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. 

 

මෙහිදී ඉන්දුනීසියානු උප අමාත්‍ය ඒ.එම්.ෆාචීර් මහතා (A.M.Fachir) හමුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ, වත්මන් රජය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා ව්‍යාපෘතීන් රැසක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව එම ව්‍යාපෘතීන් සඳහා ඉන්දුනීසීයානු රජයේ සහය ලබා ගැනීමට හැකි වීම සතුටට කරුණක් බවත්ය. එමෙන් ම ඉන්දුනීසීයානු ආයෝජකයින්  ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතීන් සඳහා සම්බන්ධ කර ගැනීමට කැමති බවත්ය.    

 

මෙහිදී ඉන්දුනීසීයානු උප අමාත්‍ය ඒ.එම්.ෆාචීර් (A.M.Fachir) මහතා කරුණු දක්වමින් කියා සිටියේ, මේ පිළිබඳ ව ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දුනීසීයානු සංචාරයේදී පැවැත්වෙන සාකච්ඡාවලදී එම කරුණු සාකච්ඡාවට භාජනය කිරීමට ලක් කෙරෙන බවයි.ඒ අනුව ඉදිරියේදී දෙරටේ මිත්‍රත්වය වැඩිදුරටත් වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු සහය ලබාදෙන බවට කැමැත්ත පළ කළේය.   

 

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉන්දුනීසීයානු උප අමාත්‍ය ඒ.එම්.ෆාචීර් (A.M.Fachir) මහතාගෙන් ඉල්ලීමක් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය නඟා සිටුවීම සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි. එයට උප අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු කරන බව පැවසීය.මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා සහ ඉන්දුනීසීයානු තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙක්ද සහභාගි වුහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.