• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආගමික ජීවිතය යහපත් සමාජයක් උදාකරදීමේ උත්තේජනයක් ලෙස ක්‍රියා කරයි - ජනපති

mithripalasirisenaආගමික ජීවිතය, යහපත් සමාජයක් උදාකරදීමේ උත්තේජනයක් ලෙස ක්‍රියා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහාශිව රාත්‍රී උත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 ජනාධිපතිතුමාගේ සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.

"සියලු ආගම්වල ප්‍ර‍මුඛතම අපේක්ෂාව හා අරමුණ වන්නේ සභ්‍යත්වයක් සහිත මිනිසුන් වශයෙන් සියල්ලන් ජීවත්විය යුතුය යන්නය. සියලු ආගමික වතාවත් හා සැමරුම් පැවැත්වෙන්නේ එකී ආගමික හරයන් පිළිබඳ ඉගැවීම් සිහිකැඳවනු පිණිසය.එම අභිප්‍රායන් පෙරදැරිව මිනිසා තුළ ඇති අවිද්‍යාව නම් අඳුරත්, අහංකාරයත් දුරලා සාමය සහ ආදරය ඔහු වෙත ළඟා කරදීමේ අරමුණින් කාලානුරූපව විවිධ ආගමික උත්සව පැවැත්වීම නවීන තාක්ෂණික ලෝකය තුළ පවා මිනිසාට මිනිසත් බවේ අභිමානය රැකගනිමින් ජීවත්වීමට වෙසෙසින්ම ඉවහල් වී තිබේ.

වත්මන් අධිවේගි ආර්ථික තරගයට මැදිව මහත් මානසික පීඩනයකට ලක්ව දිවි ගෙවන ජනයාට ආගම් සෙවණෙන් ලැබෙන්නේ මහත් අස්වැසිල්ලකි. එකී අරුතෙන් බලන විට ආධ්‍යාත්මයට නැඹුරු වූ ආගමික ජීවිතය, යහපත් සමාජයක් උදාකරදීමේ උත්තේජනයක් ලෙස ක්‍රියා කරන්නේ යැයි කිව හැකිය.

ශ්‍රී ලංකාවාසී හින්දු ජනයා මෙන්ම ලෝකවාසී හින්දු ජනයාත් තම ආධ්‍යාත්මික ශික්ෂණය පතා මහතා ශිවරාත්‍රී දිනය සමරති. උපවාසයෙන් හා නිදිවර්ජිතව රැය පහන් කිරීමෙන් ශිව දෙවියන් වෙත තම කෘතවේදීත්වය පළ කරමින් ශිව දෙවියන්ගේ පිහිට පතන හින්දු ජනයාට ඔවුන් අපේක්ෂා කරන ශාන්තිය අත්වේවා යි ප්‍රාර්ථානා කරමි."

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.