• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට රජය දැනටමත් කටයුතු යොදා අවසන්

Harshana rajakarunaවිපක්ෂය මේ රටේ පවතින ආර්ථිකය පිළිබඳ විවිධ දෝෂාරෝපන සිදු කරන මුත් යහ පාලන රජය බලයට පත් වී ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් ම අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන පහත දමමින් ජනතාවට සහන සලසා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා පැවසීය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී තවදුරටත් පැවසුවේ, මෙම රජය එම කෙටි කාලය තුළ රජයේ සේවකයින්ගේ වැටුප් රුපියල් 10,000කින් ඉහළ නැංවූ බවත්, පෞද්ගලික අංශයේ වැටුප් මෙන් ම විශ්‍රාමිකයින්ගේ වැටුප්ද වැඩිකර ඇති බවයි.

මේ වන විට රට පුරා සහල් පිළිබඳ කතා කරන බව පැවසූ මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ,  මේ වන විට සහල් සඳහා පාලන මිලක් ඇති කර එම මිල ගණන් වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වන්නේද යන්න බැලීමට දිවයිනපුරා වැටලීම් කණ්ඩායම් යොදවා ඇති බවත්, මේ වන  විට විශාල වැටලීම්  ප්‍රමාණයක් සිදු කර ඇති බවයි. 

රට තුළ පැවති ආයෝජන රට හැරදා යන ලක්ෂණයක් දැක ගත හැකි වන බවට මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැවසුවේ, ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටුන අවධියේ අපේ වැනි රටවල ආයෝජනය කළ පිරිස් දැං නැවතත් ඇමරිකන් ආර්ථිකයේ යහපත් තත්ත්වය මත ඇමරිකාවට ඇදී යන ප්‍රවණතාවයක් දක්නට ඇති බවයි. මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකයේ වෙනස් වීමක් මිස අපේ රට තුළ පවතින අයහපත් තත්ත්වයක් නොවන බවයි. මෙම තත්ත්වයට මුහුණ දීම වෙනුවෙන් අපේ රට තවදුරටත් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය. මේ වන විට රට තුළ තේ සඳහා උපරිම මිලක් ලැබී ඇති බවත්, මේ ප්‍රවණතාවය රබර් හා අනෙකුත් අපනයනයන් කෙරෙහිද දක්නට ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය. 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරගොඩ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.