• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය අද ඇරඹේ

mangala samaraweera2017ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වය විමසා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ දූත පිරිසක් ඊයේ (26 වැනිදා) ජිනීවා නුවර බලා පිටත්ව ගියහ.
අමාත්‍යවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍ර ජයම්පතී වික්‍රමරත්න ,විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ අංශයේ අධ්‍යක්ෂක ජනරාල් හා අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ ඇතුළු රාජ්‍යතාන්ත්‍රක නිලධාරීහු පිරිසක් ඊට එක්වූහ.  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය අද (27) මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් ජිනීවාහි පිහිටි එම කවුන්සිල මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.