• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නීති සතිය අද සිට

law background 2017“යුක්තිය ඔබ වෙත“ යන්න තේමාව කර ගත් 2017 ජාතික නීති සතිය අද (27)  ආරම්භ වේ.
ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් දිවංගත විනිසුරුවරයකු වන සී. ජේ. වීරමන්ත්‍රි මහතා 2006දී ආරම්භ කළ නීති සතියට මෙවර තේමාව වන්නේ "යුක්තිය ඔබ වෙත" යන්නයි.

මාධ්‍යවේදීන්, බැංකු නිලධාරින්, කලාකරුවන් සහ ගෘහ නිර්මාණ ශිල්පින් වැනි වෘත්තිකයින් නීතිමය කරුණු පිළිබඳ දැනුවත් කිරීම මෙම නීති සතියේ අරමුණ වී තිබේ.

මෙම 27දා සිට මාර්තු 5දා දක්වා පැවැත්වීමට නියමිත නීති සතියේදී නොමිලේ නීති උපදෙස් සහ නීති ආධාර සැපයීම, මහජනතාවට නීතිය පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ලබාදීම ඇතුළු විවිධ අන්දමේ නීතිය පිළිබඳ වැඩසටහන් රාශියක් ඉදිරිපත් කිරීමට නීතිඥ සංගමය විධි විධාන යොදා තිබේ.

මෙවර ජාතික නීති සතියේ ප්‍රධාන වැඩසටහන සහ ප්‍රදර්ශනය මාර්තු 3 සහ 4 යන දිනවලදී කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පැවැත්වෙයි. නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමට අපේක්ෂා කරන සියලු දෙනාම 011-3133864 යන දුරකතන අංක අමතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලියාපදිංචි වන ලෙස ජාතික නීති සතියේ සංවිධායක කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අද (27), 28 සහ මාර්තු 1 සහ මාර්තු 2 යන දිනයන්හි අලුත්කඩේ පිහිටි නීතිඥ සංගමයේ ශ්‍රවණාගාරය තුළදී නීතියට අදාළ ව වෙනත් විෂයන් පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් නොමිලේ පැවැත්වීමටද නීතිඥ සංගමය සැලසුම් කොට ඇත.

මීට අමතරව කොළඹින් බැහැරව පෙබරවාරි 27 සිට මාර්තු 4 දක්වා පහත සඳහන් නීතිඥ ශාඛා, සංගම්වලට අදාළව නීතිඥ සංගම් සහ අධිකරණ සංකීර්ණයන්හි නීති ආධාර සායන මහජනතාව වෙනුවෙන් විවෘත වේ.

පෙබරවාරි 27 මාරවිල සහ පුත්තලම
පෙබරවාරි 8 බදුල්ල
මාර්තු 1 කුරුණෑගල
මාර්තු 2 බළපිටිය
මාර්තු 3 රත්නපුරය
මාර්තු 4 යාපනය

මාර්තු 5දා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහාධිකරණය සහ ඒ අවට ප්‍රදේශ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.