• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

1818 ඌව වෙල්ලස්ස අරගලයේ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ මහෝත්සවය 1 දා

Uththamabiwanadanaමවුබිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීත ව නැගී සිටිමින් ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත්‍රයන් සැබෑ දේශප්‍රේමීන් ලෙස ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් යලි වීරත්වයට පත් කෙරෙන උත්තමාභිවන්දනා ඓතිහාසික මහෝත්සවය මාර්තු මස 01 වන දින ප.ව. 4.00 ට මහනුවර මඟුල් මඩුවේ දී පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.

 1818 ඌව වෙල්ලස්ස අරගලයට සහභාගීවීමේ හේතුව මත  මරණ දණ්ඩනය නියම කර මරණයට පත් කළ සහ රටින් පිටුවහල් කළ විරුවන් 84 දෙනෙකු  පමණ දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්  කරන ගැසට් පත්‍රය ජනාධිපතිතුමන් විසින් මෙහිදී අත්සන් කිරීමට නියමිතය. 

මෙම ඓතිහාසික අවස්ථාව සඳහා මල්වතු, අස්ගිරි උභය පාර්ශ්වීය මහානායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, කථානායකතුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා මෙම විරු පවුල්වල ඥාතීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වනු ඇත.

ඌව වෙල්ලස්ස අරගලයේ ඓතිහාසික පසුබිම හා එහි ක්‍රමික විකාශනය දැක්වෙන ප්‍රාසාංගික අංගයන් ද සහිතව පැවැත්වෙන මෙම උත්සවය එදින ප.ව. 4.00 සිට රූපවාහිනි නාලිකා මඟින් සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.