• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගාල්ලේ සංවර්ධනයට මිලියන 2060ක මුදලක්

galleමෙවර විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික් මැති ඇමතිවරු 07 දෙනෙකු යටතේ මෙ වන විට ව්‍යාපෘති 362ක් සඳහා රුපියල් මිලියන 47.3ක ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කොට ඇත.

එමෙන් ම දිළිදුක ම තුරන් කර ස්වයං රැකියා අවස්ථා වර්ධනය කිරීම සඳහා සංරචක 18ක් ඔස්සේ නව යෝජනා රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා රුපියල් මිලියන 2060.7ක ප්‍රතිපාදන ගාල්ල දිස්ත්‍රික්කයට යෝජිත වේ.

ඊයේ (27) ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සම සභාපතිවරු වන අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. 

මෙම අවස්ථාවට එක් වූ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ පුෂ්පා මලලසේකර මහත්මිය පෙන්වා දුන්නේ, මේ යටතේ ස්වයං රැකියා අවස්ථා වර්ධනය කිරීමට රුපියල් මිලියන 547.63ක මුදලක් ද, ජිවන උපාය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 67.93ක් ද, සුළු අපනයන භෝග වර්ධනයට රුපියල් මිලියන 18.72ක් ද, කුඩා තේ වතු සංවර්ධනයට රු.මිලියන 4.76ක් ද, ගේවතු වගා ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 8.29ක් ද, කාර්මික කෘෂිකර්මාන්ත වර්ධනයට රුපියල් මිලියන 232.35ක මුදලක් ද, පානීය ජල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 581.10ක් ද, වතු නිවාස සංවර්ධනයට රුපියල් මිලියන 3ක්  ද ආදී වශයෙන් තවත් සංරචක 18ක් ඔස්සේ ඉහත ප්‍රතිපාදන බෙදා හැරීම සිදුකෙරුණ බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.